විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (21) රාත්‍රියේ නිකුත්කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙසේ විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි එම ගැසට් නිවේදනයෙහි දැක්වේ.

නව විදුලිබල ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති රැසක් අකුරට වැඩකිරීමේ සහ ඇතැම් රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ ඇති තත්වයක් තුළ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරිය හැකි අතර එහිදී වරදකරු වන පුද්ගලයින්ට දඩ පැනවීම, සිර දඬුවම් පැනවීම මෙන්ම ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීම පවා සිදුකළ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...