අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක මළ සිරුරු දෙකක් : ඒ අසලින්ම අයිස්ද හමුවෙලා..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW :

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුවී තිබෙන බව , පොලීසිය පවසයි.

අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක එම මළ සිරුරු දෙක හමු වූ බව පොලිසිය පැවසූ අතර, එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු ඇති වූ හදිසි අසනීප ත්ත්වයක් හේතුවෙන් තංගල්ල මහ රෝහලට ඇතුළව ඇති අතර එහිදී ඔහුද ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද පොලීසිය කියයි.

පොලීසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ, සිදුකළ විමර්ශනයේදී එම නිවස අසල පිහිටි ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද සොයා ගත් බවයි

රජයේ රසපරීක්ෂකවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතින බවත්, සිද්ධිය පිළිබඳව මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : ලංකා ඛනිජතෙල් නීතිගත...

මාලිමා මන්ත්‍රී එක්ක පටලැවිල්ලක් හැදුණු කොස්තාපල් අත්අඩංගුවට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ...

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...