ලංකාවේ පාපන්දු ඉරණම පෙන්වන 17 න් පහළ පරාජ

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 22, කොළඹ LNW:

මේ දිනවල වැඩි සද්දයක් නැතුව 2025 දකුණු ආසියානු අවුරුදු 17 න් පහළ පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.සැප්තැම්බර් 15 වන දින ආරම්භ වුණ මේ තරගාවලිය සැප්තැම්බර් 27 වන දා නිමාවට පත්වීමට නියමිතයි.මෙහිදී ඒ කාණ්ඩයෙන් තරග වඳින්නට ශ්‍රී ලංකාව සහ නේපාලයත්,බංගලාදේශයත් සුදුසුකම් ලබා සිටිනවා.බී කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව ඇත්තේ ඉන්දියාව,පකිස්තානය,මාල දිවයින සහ භූතානයයි.


විදේශයන් හී සිටින ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති පාපන්දු ක්‍රීඩාවේ වෘත්තිමය පදනමකින් නියැලි ක්‍රීඩකයින් සමඟ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෑත කාලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් මානයකින් දකින්නට පොළව සකස් කර තිබෙනවා.එහෙත් ඒ සම්බන්ධයෙන් සුළු වශයෙන් හෝ සබඳතා බිඳ වැටීමක් වුවහොත් ශ්‍රී ලංකාව සිටිය පරිදිම පරාජය කළ හැකි බවට හොඳ සාක්ෂියක් මාල දිවයින සමඟ පැවති තරගාවලියේදි පැහැදිළි වුණා.


මෙය ජාතික වශයෙන් පොළවේ පවතින ක්‍රීඩාව හැකියාවන්ගෙන් පොහොසත් කරන්නට අවශ්‍යය වැඩ පිළිවෙලක් නොවන බවත්,එහෙත් එම ක්‍රමය යටතේ රටේ පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගෙන ජයග්‍රහණ සොයා යාමට යම් යගකිව යුතු මෙහෙයක් කරන බවත් අප මීට පෙරද පෙන්වා දුන්නා.අප තවමත් යෝජනා කරන්නේ එම දක්ෂතා ජාතික කණ්ඩායම මත පමණක් සිමා නොකර මේ පොළවේ ක්‍රියාත්මක පාපන්දුව සමඟ සම්බන්ධ කර ඉහළ මට්ටමේ ලීග් තරගාවලියක් හෝ කර රටේ පාපන්දුවේ දියුණුවට ජාතික කණ්ඩායම සඳහා ගෙන්වන ක්‍රීඩකයන්ව යොදා ගන්නා ලෙසයි.


ඊට තව දුරටත් හේතු පැහැදිළි කර ගන්නට මේ 17 න් පහළ තරගාවලිය හේතු වුණා.මුහුණ දුන් තරග දෙකෙන් නේපාලයට එරෙහිව ගෝල 2-1 ක් ලෙස පරාජය වුණ ශ්‍රී ලංකේය තරුණයන් බංගලාදේශයට එරෙහිව 4-0 ක් ලෙස පරාජයට පත් වෙනවා.මෙහි නරකම තත්ත්වය ගෝල නොලැබීම කියන කාරණයට වඩා එරෙහිව ලැබෙන ගෝල ප්‍රමාණය නිසා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශය සහ දැල රැකීම විශාල වශයෙන් දුර්වල බව හැඟීමයි.එහෙත් බොහෝ විට සිඳු වන්නේ ශ්‍රී ලංකා දැල වෙත පැමිණෙන පන්දු ප්‍රමාණය දැල රකින්නා සහ ආරක්ෂක අංශ විසින් රැකගෙන යම් ප්‍රමාණයක් ගෝල බවට පත්විමයි.
දැන්වත් රටේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක පාපන්දුවට දියුණු විය හැකි සත්කාරයක් ලබා දීමට ක්‍රියාත්මක විමයි.ඒ සඳහා ශ්‍රී ලංකානට ක්‍රීඩා කරන විදේශයන් හී සිට පැමිණෙන ක්‍රීඩකයන්ගේ අත්දැකීම්වලට කළ හැකි කාර්යය තේරුම් ගැනීමයි.


අද සවස පාපන්දු ලෝලීන්ට රස විඳිය හැකි තරගයක් ලෙස ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය පැවත්වෙන අතර කොළඹ තුරග තරග පටියට පැමිණ පස්වරු 3.00 සිට මේ අපරාජිතයන් අතර ගැටුම විඳ ගන්නට පාපන්දු ලෝලීන්ට අවස්ථාව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිය අවුරුද්දටත් වඩා සරුසාර අයවැයක් ගේනවා. මේක ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැයයි – ඇමති විද්‍යාරත්න

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය මෙවර...

පොඩ්ඩියන්ට ලොක්කියන් වීමට ලොකු ඉඩක් ඇත

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පැවත්වෙන අවුරුදු 19...

ටෙස්ලා කොටස් හිමියන් විසින් එලෝන් මස්ක්ට ඩොලර් ට්‍රිලියන 1 ක වැටුප් පැකේජයක් ගෙවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටෙස්ලා සමාගමේ...

පදිංචියට ධනවාදී රටවල්වලට ගිය අය එහෙ ඉඳන් මෙහෙ සමාජවාදෙ හදන්ට ට්‍රයි කරන්නෙ ඇයි ?

පදිංචියට ධනවාදී රටවල්වලට ගිය මිනිස්සුන්ට එහෙදි මෙහෙ වගේ ආන්ඩුවෙන්...