කතරගම වැඩ බලන්න දෙවිනුවර බස්නායක නිළමේ පත් කරයි

Date:

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිළමේ ලෙස දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්න පත් කර තිබේ.


වත්මන් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර ගේ නිල කාලය ඊයේ (21දා) අවසන් විය.

රුහුණු මහා කතරගම දේවාලයේ නිලවරණයක් මගින් පත්වූ බස්නායක නිළමේ වූ 12 වැනි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර අද (22දා) ධුරයෙන් නික්ම යන අතර ඔහු ඉදිරි නිලවරණයට ඉදිරිපත් නොවනබව දැනටමත් ප්‍රකාශකර ඇත.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ, මාස 3ක් ඇතුළත පනතේ විධි විධාන ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇති බවයි.

වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස පත්කර ඇති තිළිණ මධුසංඛ අබේරත්න, වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු බව පැවසේ. 

Theleader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” මූල්‍ය ණය සහන ප්‍රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය...

ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...