හෝමාගම සංවර්ධනයට චීනයෙන් මිත්‍රත්ව ආධාර!

Date:

කොළඹ LNW:චීනයේ ෂංජොවු නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාව සහෝදර පළාත් පාලන ආයතන ලෙස සංවර්ධන හුවමාරු වැඩ සටහනකට එක්වෙයි.

ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ මැදිහත්වීමෙන් ඇතිකරගත් සුහදත්වය පෙරදැරිව චීනයේ ෂංජොවු නගර සභාව හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභාවේ මානව සම්පත් සංවර්ධනයට තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීමට චීනයේ ෂංජොවු නගර සභාව එකඟතාවය පළකර ඇතැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක පැවසීය.

මේ සම්බන්ධ නිරීක්ෂණ චාරිකාව සහ පූර්ව සාකච්ඡාව පසුගියදා (සැප්.10) චීනයේ ෂංජොවු නගර සභාවේ නගරාධිපති ෆෙන්ග් ෂුයුන් (Feng Shenzhou) ඇතුළු චීන නියෝජිතයන් සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක නියෝජිතයන් අතර පැවැත්වුණි.මේ පිළිබඳ සහයෝගිතා සැලැස්ම ඉදිරියේ දී අත්සන් කරනු ලබන බව ද සභාපති කසුන් රත්නායක මහතා සඳහන් කළේය.

ෂංජොවු – හෝමාගම සහෝදරී නගර වැඩසටහන (Sister City Program ) තුළින් චීනයේ පළාත් පාලන ආයතනවල පරිපාලනමය සහ සංවර්ධන අත්දැකීම් ලබා ගැනීමේ විරල හෝමාගම ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන්ට සහ නිලධාරීන්ට හිමි වනු ඇතැයි ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා ප්‍රකාශ කළේය.

මෙම නිරීක්‍ෂණ චාරිකාවට සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවට හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක මහතා,චීනයේ ෂංජොවු නගර සභාවේ නගරාධිපති ෆෙන්ග් ෂුයුන් (Feng Shenzhou) මහතා ඇතුළු රජයේ හා ව්‍යවසායක නියෝජිතයන් අට දෙනෙකු ද ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ නියෝජ්‍ය සභාපති දුනිල් හෙයියන්තුඩුව මහතා,ජාතික සංවිධායක නන්දසේන මදවන්ආරච්චි මහතා සමග හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු සහ නිලධාරීහු එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...