IMF කුමන්ත්‍රණය කරන්නේ අපේ රාජ්‍ය බැංකු වට්ටලා රාජ්‍යය බෙලහීන කරන්නයි – විමල්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ගියහොත් මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් තුනක් කඩාවැටෙනු ඇති බව උ. ල. සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

“ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මොනවාටද එකඟ වුණේ ? අපි දන්න විදියට එක කොන්දේසියක් තමයි ජාත්‍යන්තර ණය විතරක් නෙවෙයි දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරණය කරන්න ඕනෙ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න කියන්නෙ මොකටද ? දේශීය වශයෙන් අරගෙන තියෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත් රාජ්‍ය බැංකු දෙක තුනක් කඩාගෙන වැටෙනවා, අපේ වෙනත් රාජ්‍ය අරමුදල් කඩාගෙන වැටෙනවා. ලංකාවේ ආර්ථිකය මෙතෙක් දුරට හෝ පවත්වාගෙන එන්න පුළුවන් වුණේ මේ ප්‍රධාන රාජ්‍ය බැංකු ටික රාජ්‍ය ආයතන විදියට පවත්වාගෙන ආපු නිසා. දැන් මේ රාජ්‍ය බැංකු ටිකත් වැට්ටුවාම, ඒවාත් පුද්ගලීකරණය කළාම රජය කියන්නේ අන්ත අසරණ වෙච්ච ආයතනයක්. රජයට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැතිවෙනවා. නව ලිබරල්වාදයෙන් කියන්නේ රාජ්‍ය බෙලහීන කිරීම තමයි. දැන් ඔය හර්ෂලා ඔක්කොමලා කිව්වානෙ IMF දොස්තර ගාවටම යන්න කියලා. දැන් එයා බෙහෙත් දෙන්නෙත් නෑ, නොදෙන්නෙත් නෑ. ඒ අතරේ ලෙඩා මළත් බඩ සුද්දයි වර්ගයේ ප්‍රතිකර්මත් කරනවා”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති උ. ල. සභාගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): https://open.spotify.com/episode/166crhjQUNLAyKiQAqsyuM?si=jPDh7e-uRFyV7sIRbFW3rQ හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...