මිලියන 22ක් ඉන්න රටේ ලක්ෂ 50ට වඩා බදු ගෙවන්නේ 137 දෙනායි – මහින්දානන්ද

Date:

ශ්‍රී ලංකාවේ ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

“අපේ රටේ ජනගහණය ඉන්නෙ මිලියන 22 යි. මම 2021 වසරේ දත්ත ගත්තේ නෑ කොවිඩ් වසංගතය නිසා. මම 2020 දත්ත ටික ගන්නම්. මේ සියල්ල මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ගත්ත තොරතුරු. අපේ රටේ ජනගහණය මිලියන 22 යි. පවුල් වශයෙන් ගත්තොත් මිලියන 5.8 යි. 2020 අවුරුද්දේ අපේ රටේ පුද්ගලික ආදායම් බදු ලේඛන විවෘත කරලා තියෙන්නෙ 292,305 යි. ඒකෙන් රිටර්න්ස් එවලා තියෙන්නෙ 120,000 යි. 2021 අවුරුද්දේ බදු ගෙවන්නේ 59,000 යි. මිලියන 22ක් ඉන්න රටක බදු ගෙවන්නෙ 59,000 යි. ඒ 59,000න් රුපියල් 10,000 ට අඩුවෙන් බදු ගෙවන අය ඉන්නවා 28,621ක්. රුපියල් 100,000 ට අඩුවෙන් බදු ගෙවන අය ඉන්නවා 22,367ක්. ලක්ෂ 5ට අඩුවෙන් බදු ගෙවන අය ඉන්නවා 5,493ක්. ලක්ෂ 10 ට අඩුවෙන් ගෙවන අය ඉන්නවා 1,456ක්. ගරු කථානායකතුමනි, ඔබතුමා පිළිගන්නවාද මිලියන 22ක් ඉන්න රටක රුපියල් ලක්ෂ 50ට වැඩිය බදු ගෙවන අය ඉන්නේ 137 දෙනායි.

ඊළඟට අපි යමු අපේ රටේ තියෙන ප්‍රධාන සමාගම්. මම සමාගම් රෙජිස්ටාර්ගෙන් ගත්තා 2021 අවුරුද්දේ ලියාපදිංචි සමාගම්. 105,000ක් තියෙනවා ප්‍රධාන සමාගම් ලියාපදිංචි වෙලා. මේ ප්‍රධාන සමාගම්වලින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලිපිගොනු දීලා තියෙනවා 60,721ක්. ඒකෙ රිටර්න්ස් එවලා තියෙන්නෙ 25,692 යි. සබ්මිට් කරලා තියෙනවා තව වැඩිපුර ගාණක් 35,029 යි. හැබැයි මේ 105,000ක් අපේ රටේ තියෙන සමාගම්වලින් බදු ගෙවලා තියෙන්නෙ මේ අවුරුද්දේ 15,069 යි. ඒ 15,069 ගෙවපු බදු ප්‍රතිශතයෙන් 82%ක් ගෙවලා තියෙන්නෙ සමාගම් 343 යි”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...