ඔලු තුනේ බූරු කතාව ප්‍රසන්න යළිත් සිහිපත් කරයි

Date:

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ – විපක්ෂ යනුවෙන් කොටස් දෙකක් මිස ස්වාධීන කියා වෙනම කොටසක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ආණ්ඩු පක්ෂ – විපක්ෂ දෙකටම නොමැති අය සිටීනවා නම් ඔවුන්ට සභා ගර්භය මැද ආසන පැනවීමට සිදුවන බවත්, වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදාය අනුව එවැනි ක්‍රමවේදයක් අනුගමනය කළ නොහැකි බවත් රණතුංග මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවෙන් ස්වාධීනව කටයුතු කරන ඩලස් කණ්ඩායමට පාර්ලිමේන්තු විවාදවලදී අදහස් දැක්වීමට අවස්ථාව ලබා නොදෙන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමිනි.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන මන්ත්‍රීවරුන් ඔලු තුනේ බූරුවන් ලෙස ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා හැඳින්වූ බව සිහිපත් කළ ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා, වෙස්මින්ස්ටර් ක්‍රමය වෙනුවට ඔලු තුනේ සම්ප්‍රදාය ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

කේසේ නමුත් ස්වාධීන මන්ත්‍රීවරුන් ඔලු තුනේ බූරුවන් ලෙස හැඳින්වීමට ආණ්ඩු පක්ෂය සූදානම් නොමැති බවද ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා අවධාරණය කරනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මහජන නියෝජිතයන්ට අදහස් දැක්වීමට තිබෙන අයිතිය ආණ්ඩු පක්ෂය පිළිගන්නා බවද දෙපැත්තටම නොමැතිව ස්වාධීනව කටයුතු කරනවා නම් ඔවුන්ට ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද කාලය වෙන් කිරීමට සිදුවන බවද රණතුංග මහතා සඳහන් කරනවා. ආණ්ඩු පක්ෂය කාලය ලබාදීමට සූදානම් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ස්වාධීන මන්ත්‍රීවරුන් වෙනුවෙන් කාලය වෙන් කිරීමට සූදානම්දැයි විපක්ෂයෙන් විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන් වෙලාව වෙන් කරන්නේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ පක්ෂවලට අනුව බවයි. ඒ අනුව ඩලස් කණ්ඩායමට අවස්ථාව හිමිවිය යුත්තේ පොදුජන පෙරමුණට වෙන් කරන වේලාවෙන් මිස විපක්ෂය නියෝජනය කරන පක්ෂවලට වෙන්කර ඇති වේලාවෙන් නොවන බවද කිරිඇල්ල මහතා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...