ඩොලර් ලක්ෂ 06 ක් පිල්ලි ගැසූ ජනාධිපති ආර්යාවට වසර 14 ක සිරදඬුවමක් !

Date:

හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපති ආර්යාවක වන රෝසා බොනිල්ලා මුදල් වංචාවකට වැරදිකාරිය වී තිබෙනවා. මේ හේතුවෙන් ඇයට වසර 14 ක සිරදඬුවමක් නියම වී ඇති බවයි වාර්තා වන්නේ.

බොනිල්ලාගේ සැමියා වන පොර්ෆිරියෝ ලෝබෝ සෝසා 2010 වසරේ සිට 2014 දක්වා හොන්ඩුරාස් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

අඩු ආදායම්ලාභී දරුවන්ගේ සුබසාධනය සඳහා වෙන්කර තිබූ මුදල් තම ක්‍රෙඩිට් කාඩ්පතේ ගෙවීම් සඳහා මෙන්ම දරුවන්ගේ පාසල් ගාස්තු ඇතුළු වියදම් සඳහා භාවිතා කර තිබෙනවා. මෙම මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 590,000 කට සමාන බවයි වාර්තා වන්නේ.

මුදල් වංචා කිරීම හා මුදල් අවභාවිතා කිරීම යන චෝදනා යටතේ ඇයට නඩු පවරා තිබිණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ නඩු විභාගයකින් බොනිල්ලාට වසර 58 කට සිරදඬුවමක් නියම කර තිබූ අතර කෙසේ නමුත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය, අදාල නඩු විභාගයේ දුර්වලතා තිබූ බව පවසමින් එම තීන්දුව අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...