විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW :

ඉදිරිපත් කෙරේ විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 17,213ක අතිරේක ඇස්තමේන්තුවක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අතිරේක ඇස්තමේන්තුව හෙට(23) දිනයේදී පාර්ලිමේන්තුවේ අනුමැතියට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී මෙම තීරණ ගනු ලැබීය.

ඒ අනුව, අද දින විවාදයට ගැනීමට නියමිතව තිබූ අපනයන කෘෂිකර්ම ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය නොපැවැත්වෙනු ඇත.

මේ අතර, හෙට දිනයේ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ (Institute of Chartered Media Practitioners of Sri Lanka) පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට ද තීරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...