*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

ඩීඑස්අයි අවසන් තරග 23 – 24 සුගතදාස පිටියේදී

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය ඒකාබද්ධව DSI ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග 2023 සැප්තැම්බර් මස 23 සහ 24 යන දින වලදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පෙ.ව . 8.00 සිට පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

සැප්තැම්බර් 24 වන දා ප.ව. 3.00 ට පැවත්වෙන අවුරුදු 19 න් පහළ පිරිමි අවසන් තරගයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා හැටියට සැළකේ.මෙවර අවුරුදු 19 න් පහළ බාලිකා අවසාන තරගයට නිතර වොලිබෝල් පිටියේ දක්ෂතා සමඟ නම නොකියවුණ පාසල් දෙකක් පැමිණ තිබීම විශේෂත්වයකි.එසේම එය අලුත් නැගිටීම් ගැන වොලිබෝල් වෙත නිකුත්වන සුබ පණිවිඩයකි.එම පාසල් දෙක කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය සහ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල යි.

වැඩිම අවසන් තරග ප්‍රමාණයක දකින්නට ලැබෙන පාසල ධම්මිස්සර විද්‍යාලය වන අතර එම පාසලේ අවුරුදු 11 න් පහළ බාලක,බාලිකා කණ්ඩායම්,13 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් සහ 15 න් පහළ බාලක කණ්ඩායම් අවසාන තරග සඳහා පිවිස ඇත.15 න් පහළ සහ 17 න් පහළ බාලිකා අවසාන තරග සඳහා උහන තිස්සපුර විද්‍යාලය පවිසි ඇති අතර ඔවුන් සමඟ අවුරුදු 17 න් පහළ බාලිකා සහ 15 න් පහළ බාලිකා අවසාන තරග දෙකේදීම ප්‍රතිවාදීන් හැටියට හමුවන්නේ හුංගම විජයබා ජාතික පාසලයි.රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 19 න් පහළ අවසාන තරග දෙකම නියෝජනය කරන අතර මාරවිල ශාන්ත ක්ෂේවියර් පාසල අවුරුදු 11 න් පහළ බාලක සහ අවුරුදු 15 න් පහළ බාලක අවසාන තරග නියෝජනය කරයි.

අල්පිටිය ප්‍රාථමික පාසල අවුරුදු 11 න් පහළ බාලිකා අවසාන තරගයටත්,ගම්පහ – මාබිම විද්‍යාකර විද්‍යාලය අවුරුදු 13 න් පහළ බාලිකා අවසාන තරගයටත් සහ 13 න් පහළ බාලක අවසන් තරගයට නාත්තණ්ඩිය ජනාධිපති විද්‍යාලයත් පිවිස සිටියි.පන්නල ජාතික පාසලේ අවුරුදු 17 න් පහළ කණ්ඩායම එම වයස් කාණ්ඩයේ අවසාන තරගය නියෝජනය කරයි.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan