Turner-Jonas ගේ දික්කසාද පලහිලව්ව!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ)
: බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ රංඟනශිල්පිනී Sophie Turner ඇගේ හිටපු සහකරු Joe Jonas ට එරෙහිව නඩු පවරා තිබිණි. මෙහිදී ඔහු ඉල්ලීමක් කරමින් තම දරුවන් දෙදෙනා ඔවුන්ගේ සුපුරුදු වාසස්ථානය වන එංගලන්තයට ආපසු රැගෙන යෑමට ඉල්ලා සිටියේය.

විවාහයෙන් වසර හතරකට වැඩි කාලයක් ගතවීමෙන් පසු ඔවුන්ගේ දික්කසාදය පිළිබඳව ඔවුන් මෙම මස මුලදී නිවේදනය කළහ.

Sophie Turner-Joe Jonas යන යුවල එකල ඔවුන් අතර පැවති භේදය මිත්‍රශීලී අන්දමින් විස්තර කළ අතර

ඉකුත් බ්‍රහස්පතින්දා, 27 හැවිරිදි ටර්නර්ගේ නීතීඥයින් නිව් යෝර්ක් හි තම දරුවන් “වැරදි ලෙස රඳවා තබා ගැනීම” උපුටා දක්වමින් ඊට විරුද්ධව නීතිමය පෙත්සමක් ගොනු කරන ලදී.

ඇමරිකානු ජාතික 34 හැවිරිදි Joe Jonas ලෝක ප්‍රකට ජෝනාස් බ්‍රදර්ස්ලා ගෙන් කෙනෙක් වන අතර ඔවුන්ගේ දියණියන් දෙදෙනාගේ ඒකාබද්ධ භාරකාරත්වය ඔහු අපේක්ෂා කරමින් සිටියි. 2020 දී උපත ලැබූ විලා සහ ඔවුන්ගේ දෙවන දරුවා පසුගිය වසරේ උපත ලැබූ නමුත් ඔවුන්ගේ නම මහජනයාට තවමත් නිකුත් කර නොමැත.

Sophie Turner-Joe Jonas යුවලගේ වෙන්වීමේ ශෝකාන්තය මේ දිනවල කාගේත් කතා බහට ලක්වන කරුණක් වී හමාරය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...