*
Monday, May 13, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් අරඹයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් කිරීමට ඉදිරි වසරවලදී, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පුළුල් කිරීම හා ඩිජිටල් ආර්ථිකයේ ප්‍රසාරණය මගින් සිදු කළ හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය පවසයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය (FITIS) මේ සඳහා දැනට ඩිජිටල් ආර්ථික දළ දේශීය නිෂ්පාදිතයට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක දායකත්වයක් ලබා දෙයි.ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනයෙහි සභාපති ඉන්දික ද සොයිසා මහතා පෙන්වා දුන්නේ වත්මන් දායකත්වය සියයට 20 කින් ඉහළ නැංවීමට සහ 2030 වන විට දළ දේශීය නිෂ්පාදිතයට දැනට ලැබෙන දායකත්වය හතර ගුණයකින් වැඩි කිරීමට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කටයුතු කරමින් සිටින බවයි.

ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ (PMC) පැවති ‘DIGIECON Sri Lanka 2030’ වැඩසටහන පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. මෙම වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමන්මගට අනුකූලවන බවද ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම සංවර්ධිත රටවල ගෝලීය ක්‍රියාවලිය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ ඩිජිටල් ආර්ථිකය විසින් දළ දේශීය නිෂ්පාදිතයට දළ වශයෙන් සියයට 40 ක දායකත්වයක් සපයයි. ශ්‍රී ලංකාවේ එය සියයට 5ක දායකත්වයක් පමණි. මේ සම්බන්ධ ගමන් මග වේගවත් කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් අතර තාක්ෂණික දැනුම ඉහළ නැංවීම සඳහා DIGIECON 2030 රජයේ වැඩසටහන සමඟ එක්ව ඉදිරි වසර හත සඳහා පුළුල් මාර්ගෝපදේශ මාලාවක් අදාළ පාර්ශවකරුවන් විසින් සකස් කරනු ඇත.

තවද, මෙම සමුළුව මගින් රටේ ඩිජිටල් ආර්ථිකය වේගවත් කිරීම ඉලක්ක කර ගනිමින් 2030 වන විට ඩිජිටල් ආර්ථික ප්‍රධාන සැලැස්මක් සහ නියාමන ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වා දෙනු ඇත.මූල්‍ය තාක්‍ෂණය, අධ්‍යාපන තාක්‍ෂණය, සංචාරක තාක්‍ෂණය, තොරතුරු ආරක්‍ෂාව, කෘෂිකාර්මික තාක්‍ෂණය සහ විද්‍යුත් සෞඛ්‍ය සේවා වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණ කරමින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශේෂඥ පිරිස 30 කට අධික සංඛ්‍යාවක් මෙම උත්සවයට සහභාගි වනු ඇත.

ශ්‍රී ලංකාවේ ස්ථාපිත තොරතුරු තාක්ෂණ සමාගම් සඳහා ආයෝජකයින් ගෙන්වා ගැනීමට සහ තොරතුරු තාක්‍ෂණ අපනයනවල ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ඉලක්කයක් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන ඩිජිටල් ආයෝජන අංගයක් මෙම සමුළුවට ඇතුළත් වීම විශේෂත්වයකි.මෙම ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ලබා දුන් සහයෝගය ඉතා විශාලය.

මෙම සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුග්‍රහය හිමිවන අතර තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, තාක්ෂණ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේද සහය හිමිවේ.මේ අතර, ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 41 වැනි ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවේදී ඉදිරි වසර හත සඳහා පුළුල් මාර්ගෝපදේශ මාලාවක් එළිදක්වනු ඇත. DIGIECON 2030 වැඩසටහනේ අරමුණ වන්නේ උසස් තාක්‍ෂණය පදනම් කරගත් විසඳුම් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩිජිටල් ආර්ථිකයක් කරා වේගයෙන් ගමන් කිරීමයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan