ත්‍රස්ත විරෝධී සහ ඔන්ලයින් ගැසට්ටුවල අරමුණ මේකද?

Date:

කොළඹ LNW:ආණ්ඩුව විසින් ගැසට් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනතෙන් සහ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ගසට්ටුව හරහා උත්සහ කරන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් ගොඩනගා ගැනීමට බව නීතිඥ සුනිල් වටගල මහතා අවධාරණය කරයි.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් වටගල මහතා පවසන්නේ එම ගැසට් නිවේදන හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

”රටේ ජනාධිපතිවරයා ඉන්නේ මන්ත්‍රීවරු 134කගේ ඔඩොක්කුවේ. මන්ත්‍රීවරු 134 ඉන්නේ රනිල්ගේ ඔඩොක්කුවේ. මේ අයට ජනතා අභිලාශය වැඩක්ම නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකින් තියලා, රටේ අණ පනත් ටික පැත්තකින් තියලා, කැබිනට් මණ්ඩලය තීන්දු තීරණ ගන්නවා. ආයතන වසා දැමීම, අනිවාර්ය නිවාඩු යැවීම, සේවකයන් විශ්‍රාම ගැන්වීම යන සියලුම කාරණා තීරණය කරන්නේ රටේ කැබිනට් මණ්ඩලය. ඒගොල්ලන්ට අවශ්‍ය අණ පනත් ටිකක් සම්මත කරගෙන ඒ අයගේ ගමන යන්න තමයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ.

මේ ත්‍රස්ත විරෝධී පනතේ පමණක් පිටු 102යි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය කියන පනතේ පිටු 59යි. මේ පනත් දෙකේම පිටු එකතුව පිටු 161යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ පිටු 141යි. මේ එන්න හදන්නේ පැහැදිලිවම රටේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා, ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් ගෙන යන්න හදන්නේ. තමන්ට උවමනා නීතිය පාර්ලිමේන්තුවට දාලා, සම්මත කරගන්න උත්සාහ ගන්නවා. මේකට කියන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිභාවය කියලා.
අප්‍රේල් මාසයේ ත්‍රස්ත විරෝධී පනත් ගැසට එකක් ආවා. විරෝධතා මැද්දේ ඒක ආපස්සට ගත්තා. නැවතත් දිනේ වෙනස් කරලා සැප්තැම්බර් මස 15දා ගැසට් එකක් ඇවිත් තිබෙනවා. මේ ගැසට් පත්‍රයේ තිබෙන තත්වය පිළිබඳව සැලකිය යුතු හැදෑරීමක් කළා. අප්‍රේල් මස ගැසට් පත්‍රයේ සහ සැප්තැම්බර් මස ගැසට් පත්‍රයේ තිබෙන වෙනස මොකක්ද කියලා. මේකේ තදබලභාවය වැඩිවීමක් මිස කිසිසේත්ම අඩුකර නැහැ. ඒ කියන්නේ මහජනතාවගේ පැත්තෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන පැත්තට මේ පනත සංවර්ධනය වෙලා තිබෙනවා.”
යනුවෙන් වටගල මහතා තවදුරටත් පැහැදිලි කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් මිලියන ගණනක ආධාර සැපයුම් අවහිරයි:ආධාර කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවකගෙන් ඊශ්‍රායලයට චෝදනා!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ සාගතය...

දශක හතරකට පසු අලුත් වෙන පාර්ලිමේන්තුව!

කොළඹ LNW:දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ...

විහාරදේවාලගම් පනතට සංශෝධනට!

කොළඹ LNW:විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන...

ෆින්ලන්ත රජයෙන් මෙරට සුව සේවය ඩිජිටල්කරණයට අත හිත!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...