ලබන වර්ෂයේදී බිත්තර ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයා කියයි.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

බිත්තර ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් ලබන වර්ෂයේදී පැන නොනගින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සත්ව ආහාර සහ ඖෂධ මිල අඩු කොට ඇති පසුබිමක් යටතේ බිත්තර මිල ඉහළ නොයන බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
බිත්තර මිලියන 85ක් මෙරටට ඉන්දියාවෙන් ආනයනය කර ඇති බවත් දෙසැම්බර් මස යම් ප්‍රමාණයක් ආනයනය කිරීමෙන් පසු යළි බිත්තර ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා කීහ. මේ වන විට පවතින තත්ත්වය යටතේ ලබන වර්ෂයේ අගෝස්තු මස දී බිත්තර හා කුකුළු මස් අතිරික්තයක් මතු වන බැවින් කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් මස් අපනයන කිරීමට අපේක්ෂා කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.

ඒ සම්බන්ධව ඉදිරියේදි සාකච්ඡා කරන බවත් දැනටමත් මාලදිවයින සඳහා කුකුළු මස් අපනයනය කිරීම සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලී කොතලාවල මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...