යුද්ධයෙන් බැට කෑ සිරියාවට චීනයෙන් උදවු

Date:

දකුණු චීනයේ Hangzhou නගරයේ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීක් අතරතුර චීන නායක ෂී ජින්පින් සහ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම නිවේදනය කිරීමත් සමඟ යුද්ධයෙන් විනාශ වූ සිරියාව ප්‍රතිසංස්කරණයට අවශ්‍ය සහය ලබා දීමට චීනය එකඟ වූ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් චීන මාධ්‍ය වාර්තා කර තිබුණේ, චීන ජනාධිපති ෂි ජින්පින් ස්ථාවර සහ අවිනිශ්චිත ජාත්‍යන්තර පරිසරයක් තුළ ජාත්‍යන්තර සහයෝගිත්වය හා යුක්තිය ආරක්ෂා කිරීම සඳහා, චීනය සිරියාව සමඟ දිගටම කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කළ බවයි.

පුරාණ සේද මාවතේ යටිතල පහසුකම් ගොඩනැගීම සහ ගෝලීය ආරක්ෂාව සඳහා චීනය මේ වන විට සංවර්ධන වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරියානු ජනාධිපති අල්-අසාද් ප්‍රකාශ කර තිබුණේ, දුෂ්කරතා හා අර්බුධ හමුවේ සිරියානුවන් සමඟ සිටීම ගැන චීනයට ස්තුති කරන බවයි.

2011 දී සිරියාවේ සිවිල් යුද්ධය හේතුවෙන් සිය දහස් ගණනක් මිනිසුන් මරා දමා මිලියන ගණනක් අවතැන් කර ඇති අතර චීනය සිය ගෝලීය බලපෑම පුළුල් කිරීමට සහ එක්සත් ජනපදය ප්‍රමුඛ ජාත්‍යන්තර පිළිවෙලට විකල්පයක් ප්‍රවර්ධනය කිරීමට කරන ලද උත්උසාහක් වශයෙන් සිය මැද පෙරදිග රාජ්‍යතාන්ත්‍රික කටයුතු වේගවත් කරමින් ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...