*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ලක්ෂ තුනහමාර අපිට හොඳටම ඇති – තිස්සකුට්ටිආරච්චි

කොළඹ LNW:අනුර කුඅම්ර දිසානායක මහතා 42%ක ජන්ද ප්‍රමාණයක් ගත්තද 52%ක් පවතින්නේ පිට හෙයින් පවතින අපැහැදිලි දේශපාලන වාතාවරණය තුළ නාමල් රාජපක්ෂ මහතා ලබා ගත් ලක්ෂ තුනහමාරක ජන්ද ප්‍රමාණය ප්‍රමාණවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”පරාජයක් දැනෙන්නේ නෑ. ඕක තමයි දේශපාලනයේ තත්ත්වය. කෙසේවෙතත් අලුතෙන් පත්වුණ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපි හදවතින්ම සුභ ප්‍රර්ථනා කරනවා. මගේ ජන්දය දුන්නේ නාමල් රාජපක්ෂ මහත්මයට. මම විශ්වාස කරනවා නාමල් රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වුණානම් තරුණයෙක් විදිහට අපි විශ්වාස කරනවා මේ රට ඉස්සරහට යනවා කියල. නමුත් ජනතා මතයට අනුව ජනාධිපති ලෙස පත්වුණේ අනුර කුමාර දිසානායක මහත්මා රට වෙනුවෙන් ගන්න හොඳ වැඩවලට අපි ධනාත්මක පිළිතුරු ලබා දෙනවා සහ අපි ඒ අයට උදව් කරනවා. අපි බලාගෙන ඉන්නවා අනුර කුමාර මහත්තයා කොහොමද ඉස්සරහට වැඩකරන්නේ කියල. පොරොන්දු ගොන්නක් එක්ක ආපු ජනාධිපතිවරයෙක්. අපි කවුරුත් කැමති රට හැදෙනවට. අපේ රට සිංගප්පුරුවක්, මැලේසියාවක්, යුරෝපයක් වෙනවට කැමති මිනිස්සු අපි.”

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දේශපාලන කරන බවත් එය නතර කර නැති බවත් දැන් පවතින්නේ අපැහැදිලි දේශපාලන වාතාවරණයක් බවත් මේ අපැහැදිලි තත්ත්වය මත ලක්ෂ තුනහමාරක ජන්ද ප්‍රමාණය ප්‍රමාණවත් බවත් තිස්සකුට්ටිආරච්චි මහතා පැවසුවේය.

අද හෝ හෙට කුමන මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එම මැතිවරණයට ද සූදානම් බවද ඔහු කියාසිටියේය.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ජනාධිපති කරවීම වෙනුවෙන් අවශ්‍ය මූලික කටයුතුද සිදුකරන බව ඔහු අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan