නව ජනපතිගේ පෞද්ගලික ලේකම් පත්වෙයි!

0
2703

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත් කර තිබෙන බව සඳහන් වේ.

අද (23) දින ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කළ බව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ආනන්ද විජයපාල මහතා අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබුණී.