ප්‍රේමදාස පිටිය පිරෙන්න එන්න – චමරිගෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඉල්ලීමක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 23, කොළඹ LNW:

තවත් දින 8 ක කාලයකින් ආරම්භ වනු ලබන ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන ලෝක කුසලානය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීමේ අවස්ථාව සලසාලමින් සිදුකෙරෙන කුසලාන සංචාරය (Trophy Tour) අද (22 වැනිදා), කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෙ.ව. 10.30 ට පැවැති කුසලාන නිරාවරණයෙන් ආරම්භ විය. සැප්තැම්බර් මස 25 වැනිදා දක්වා පැවත්වෙන මෙම කුසලාන සංචාරය ආරම්භ කරමින් පවත්වන්නට යෙදුණ කුසලාන නිරාවරණ අවස්ථාවට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සහ ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ අවස්ථාවට කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් වන හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වාද පිරිමි කණ්ඩායමේ සාමාජිකයින් වන දිනේෂ් චන්දිමාල් සහ විශ්ව ප්‍රනාන්දු ද සහභාගිවූහ.

මෙම කුසලාන නිරාවරණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙරට ද සත්කාරකත්වයෙන් දායකවන තරගාවලිය නැරඹීමට ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිරෙන්න තරමට ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ප්‍රජාව සහයෝගය දෙනු ඇති බව විශ්වාසයෙන් පැවසුවාය.එසේම ඒ සඳහා ආරාධනා කළාය.ආසියානු කුසලානය දිනන මොහොතේ දී ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රේක්ෂක සහය එම ජයග්‍රහණයට එක් හේතුවක් බව කී චමරි ලෝක කුසලානයේදී ද ශ්‍රී ලංකාවට එම ප්‍රේක්ෂක සහය ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් පැවසුවාය.


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම සිව්දින කුසලාන සංචාර වැඩසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබයි. පාසල් ක්‍රීඩිකාවන් සම්බන්ධ කර ගනිමින් පැවැත්වෙන සුහද ක්‍රිකට් තරගාවලියක්, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙන්ම ක්‍රීඩා ලෝලී ජනතාවට එම කුසලාන දැක බලා ගැනීමේ අවස්ථාවද මෙම කුසලාන සංචාරයට ඇතුළත් වේ.


මාධ්‍ය වෙනුවෙන් අද දිනයේදී සිදුකෙරුණු එම කුසලාන
මෙම කුසලාන සංචාර වැඩසටහනට සමගාමීව බාළිකා පාසල් වල දැරිවියන්ගේ සහභාගිත්වයෙන් කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් ද හෙට (23 දා) පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියට කොළඹ අනුලා, විශාකා, සිරිමාවෝ සහ මොරටුව වේල්ස් කුමරි යන විදුහල්වල ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිතව සිටිති.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වන තරුකා ෂෙහානි, හංසිමා කරුණාරත්න, කෞෂනී නුත්‍යාංගනා සහ චේතනා විමුක්තිගේ සහභාගිත්වයෙන් පෙ.ව. 10.00 සිට පැවැත්වෙන මෙම සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සඳහා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුරතලුන්‘ (Mascot) වන බ්ලේස් (Blaze) සහ ටොන්ක් (Tonk) ද පැමිණෙනු ඇත.
කුසලාන සංචාරයේ තෙවැනි දිනය වන සැප්තැම්බර් මස 24 වැනිදා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි නෙළුම් කුළුණ පරිශ්‍රයේ ප.ව. 4.00 සිට ප.ව. 8.00 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා තැබෙනු ඇත. මෙම අවස්ථාවේදී එම ලෝක කුසලානය සමග එකට සිට ඡායාරූප ලබා ගැනීම වෙනුවෙන් මහජනතාවට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබේ.
සැප්තැම්බර් මස 30 වැනිදා සත්කාරකයින් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනු ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 11 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණු කානුවකට වටිනාකමක් නොලද තැන කලාවෙන් ලැබෙන වටිනාකම!

සටහන – පුලී නොවැම්බර් 11, කොළඹ (LNW): කිඹුලන් බවට පත්...

“ජනා­ධි­පති මාධ්‍ය සම්මාන -2025″ අද..

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : “ජනා­ධි­පති මාධ්‍ය සම්මාන...

සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තමන්...