ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලයේ ගාසා යුද්ධය අවසන් කිරීමේ සැලැස්ම අරාබි හා මුස්ලිම් රටවල නායකයින්ට ඉදිරිපත් කිරීමට සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, ජෝර්දානය, තුර්කියේ, ඉන්දුනීසියාව සහ පකිස්ථානය යන රටවල නායකයින් හමුවී ඊශ්‍රායලයේ ගාසා යුද්ධය අවසන් කිරීමේ සැලැස්ම ඉදිරිපත් කර ඔහුගේ දැක්ම සහ බොහෝ දුරට විනාශ වූ පලස්තීන ප්‍රදේශයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විට නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට (UNGA) සමගාමිව එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම හමුව යොදා ගැනීමට සුදානම් බවයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ,

ගාසා සැලැස්ම ඊශ්‍රායලය විසින් කෙටුම්පත් කර නොමැති බව වාර්තා වේ, නමුත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට විස්තර පිළිබඳව දැනුවත් කර ඇති අතර මෙම විශේෂ සාකච්ජාවේදී ජනාධිපති ට්‍රම්ප් අනාගතයේදී ඊශ්‍රායල හමුදාව ගාසා තීරයෙන් ඉවත් විය හැකි ආකාරය, සාමය පවත්වා ගැනීම සඳහා කලාපීය නායකයින් හමුදා යැවීමට ඔහුට අවශ්‍ය ආකාරය සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියක් ආරම්භ කර අරමුදල් ලබා ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ජා කෙරෙනු ඇත.

මෙවන විට එක්සත් රාජධානිය, කැනඩාව, පෝලන්තය, ප්‍රංශය ආදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 අතුරින් මෙවන් විට රටවල් 147 ක් ම පලස්තීන රාජ්‍යය පිළිගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...