කිසිවෙකු කළබල විය යුතු නෑ, සියල්ල හොඳින් සිදුවෙනවා:කැබිනට් ප්‍රකාශක

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23 කොළඹ LNW :

අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව පැවැත්වූ අතර එහිදී 2025. 09. 22 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  ඉදිරිපත් කෙරිණි.

01. ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් වලට එළැඹීම.

02. ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර කෘෂිකාර්මික සහයෝගීතාවය පිළිබඳ අවබෝධතාා ගිවිසුම.

03. ශ්‍රී ලංකාව සහ පිලිපීන ජනරජය අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතව පිළිබඳ ගිවිසුමකට අත්සන්් තැබීම.

04. දඬුවමට නියම වූ තැනැත්තන් භාරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පිලිපීනය ජනරජය අතර ගිවිසුම.

05. ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය.

06. තනි පරිගණක යෙදුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකිවන පරිදි ” රජයේ සුපර් ඇප්”(Government SuperApp) යෙදවුමක් නිර්මාණය කිරීම.

07. විශ්වවිද්‍යාලවල නිම කර නොමැති ඉදිකිරීම් ව්‍යාපෘතීන්හි සියලු වැඩ නිම කිරීම.

08. “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කර අතරමග නැවතී ඇති උපව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීම.

09. ඇඹිලිපිටිය – පනාමුර – බුලුතොට(බී 115) මාර්ගය වැඩි දියුණුකිරීම.

10. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටසක් ප්‍රතිසංස්කරණය කිරීම.

11. පරාන්තන්හි කෝස්ටික් සෝඩා/ක්ලෝරින් ව්‍යාපෘති සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ පළ කිරීමේ යෝජනා කැඳවීම.

12. එප්පාවල ,ගිරිබාව, රාජාංගනය සහ නොචියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීම.

13. බයිෆේසි අයිසොෆේන් insuling එන්නත් (මිනිස්) 30% ද්‍රාව්‍ය 70% ක් අයිසොෆේන් වයල් 2, 200,000 සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය.

14. ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීමේ වැඩසටහන.

15. නව ශුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරරිය පනත් කෙටුම්පත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...