ඇමති යවනවා කී ඩීජී,දැන් ඇමතිව යවයි ද? මුජිබර් රහ්මාන් පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් සැක උපදියි

Date:

පාපන්දු පරිපාලනය දැනට සීමාව ඉක්මවා චෝදනා රාශියක් මැද කටයුතු කරමින් සිටියදී එම පාලනයේ කාලය ඔක්තෝම්බර් 30 දක්වා දීර්ඝ කර අමාත්‍යවරයාගේ අත්සන සහිතව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අදහස් ඉදරිපත් කළ සමඟ ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පැවසුවේ එය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අමාත්‍යවරයාගේ අත්සන ස්කෑන් කර ඇතුළත් කර නිකුත් කර තිබෙන බවයි.

මීට පෙර කොළොමිඹියාවේ පැවති මලල ක්‍රීඩා සූරතාවලියට ක්‍රීඩකයින් යැවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුව ඉවත් කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ ද මේ වන විට ඔහු,මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා සඳහන් කරන අන්දමට තමන්ට අවශ්‍යය පරිදි අමාත්‍යවරයාගේ අත්සන ද යොදා කටයුතු කිරීමට තරම් බලවත් වි ඇත.මේ අනුව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සැප්තැම්බර් 15 දා අවසන් වීමට තිබූ පාපන්දු පරිපාලනයේ කාලය ඔක්තෝම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවය.
අමාත්‍යංශ ලේකම්වරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අමාත්‍යවරයාට අඩංගු නැති බව පෙන්වා දෙන රහ්මාන් මන්ත්‍රීවරයා මෙහි තවමත් රාජපක්ෂලාගේ අවතාර ක්‍රියාත්මක වන බව පැවසීය.ක්‍රීඩා අමාත්‍යවරයා පඹයෙක් පමණක් කර තිබෙන බව පෙන්වා දුන් මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා පාපන්දු සම්මේලනයේ කෝටි ගණන් මුදල් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරයෙක්ගේ මාමා කෙනෙක්ට අයත් ආයතනයකට කිසිඳු ටෙණ්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබෙන බව පෙන්වා දුන්නේය.
රනිල් විකුමසිංහ ජනාධිපතිවරයා සේ පැමිණියද කිසිවක් තවමත් වෙනස් වි නැති බව පෙන්වා දුන් රහ්මාන් මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍යවරයා සිය අත්සන යෙදීම ගැන පරීක්ෂණයක් කරන බවට ආරංචියක් තිබෙන බව පැවසූ අතර සිය අත්සන යෙදීම ගැන පරීක්ෂණ පැවත්වීමට යාමට පෙර එවැනි දේකදී කළ යුත්තේ වැඩ තහනමක් බව ද සිහිපත් කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ආවේගශීලීව සහ හැඟීම්බරව ක්‍රීඩාව ගැන කුමනාකාරයේ ප්‍රකාශ නිකුත් කළ ද පසුව ඒ කිසිවක් ක්‍රියාවට නොනැඟී තිබෙන ආකාරයෙන්ම කටයුතු සිද්ධවෙන බව අපිද කාලයක සිට නිරීක්ෂණය කළ අතර මුජිබර් රහ්මන් මන්ත්‍රීවරයා පවසන ආකාරයට වෙනත් අයෙකුගේ බලපෑම මත ක්‍රීඩා අමාත්‍යංශයේ සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු තිබූ පරිද්දෙන්ම සිඳුවන්නේ ද යන සැකය අප තුළද යළි යළීත් මතු වන්නෙමු.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...