පුටින්ට එරෙහි වූ රුසියානුවන් 1300 ක් අත්අඩංගුවේ

Date:

රුසියාවේ හමුදා ශක්තිය වර්ධනය කිරීමට සහ යුක්රේනය වෙත අතිරේක හමුදා කැඳවීමට ජනාධිපති පුටින් ගත් තීරණයට එරෙහිව ආරම්භ කර ඇති උද්ගෝෂණ රුසියාව පුරා පැතිර ගොස් තිබෙනවා. මේ වනවිට ක්‍රෙම්ලිනය ඇතුළු නගර 30 කට ආසන්න ප්‍රමාණයක විරෝධතා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

උද්ගෝෂණයේ නිරත වූ පුද්ගලයන් 1300 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේනය ආක්‍රමණය කිරීමට පුටින් ගත් තීරණයට විරෝධය පළ කරමින් රුසියාව තුළ විරෝධතා ආරම්භ වූ අතර දිනෙන් දිනම එම විරෝධතා සඳහා එක්වන රුසියානුවන්ගේ ප්‍රමාණය ඉහළ යමින් තිබෙනවා.

යුක්රේන ආක්‍රමණය රුසියානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුසියානුවන් රට අතහැර යුරෝපා රටවල් කරා සංක්‍රමණය වෙමින් තිබෙනවා. එසේ රට අතහැර යන රුසියානුවන්ට අවස්ථාව ලබාදීමට ජර්මනිය කැමැත්ත පළකර තිබෙනවා. කෙසේ නමුත් ඇතැම් රටවල් රුසියානුවන් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...