*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ව්‍යාජ ක්‍රිප්ටෝ වලින් ලාංකිකයන් දහස් ගණනකට රුපියල් බිලියන ගණනක පාඩුවක්!

ආයෝජක සුදත් රංජන් සිල්වා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කරන ලද සිවිල් නඩුවකට අනුව රුපියල් බිලියන ගණනින් වංචා කර ඇති ව්‍යාජ පිරමීඩ (Pyramid) වංචාවක් පිළිබඳ තොරතුරු පසුගියදා අනාවරණය විය.

ශ්‍රී ලංකා බලධාරීන්ට ඉදිරිපත් කළ ලේඛනවලට අනුව චීන ජාතික සැන්ග් කායි (Zhang Kai) සහ ශාමල් බණ්ඩාර නැමැත්තෙකු විසින් ආරම්භ කරන ලද Sports Chain නම් ක්‍රිප්ටො සමාගමක රු. බිලියන 8 ක ආයෝජන සිදු කර ඇත.

Sports Chain නම් ව්‍යාජ Crypto ක්‍රමයෙන් ආයෝජකයන්ගෙන් රුපියල් බිලියන 8ක මුදලක් වංචා කළ බව කියන පස් දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අඟහරුවාදා විදේශ ගමන් තහනමක් පැනවීය.

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ ගුරුවරුන් ඇතුළු රට පුරා පුද්ගලයින් 8,000 ක් පමණ මෙම වංචනික ක්‍රිප්ටෝ සමාගමට සම්බන්ධ වී ඇති බව ආයෝජකයන් කිහිප දෙනෙකු විසින් පොලිස්පතිවරයාට වෙනම පැමිණිල්ලක් කර ඇති බව එම යෝජනා ක්‍රමයේ ආයෝජකයෙකු බිස්නස් ටයිම්ස් වෙත පැවසීය.

එපමණක් නොව මෙකී ව්‍යාජ Crypto ක්‍රමය විසින් වංචා කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය රු. බිලියන 15 බව සඳහන්.

Sports Chain වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම මූල්‍ය ක්‍රමය ඉතා ලාභදායී බවත්, ක්‍රීඩා කර්මාන්තයේ ඩිජිටල් මූල්‍යකරණයේ භාවිතා වන දිනෙන් දින වර්ධනය වන ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් බවට පත්වීමට මඟ පාදන බවත් ය.

කෙසේ වෙතත්, අගතියට පත් ආයෝජකයා මෙම ක්‍රිප්ටෝ සමාගමේ සත්‍යභාවය සෙවීම සඳහා එම වෙබ් අඩවිය හරහා ක්‍රිප්ටෝ ආයෝජන පිළිබඳ කරුණු පරීක්ෂා කර ඇති අතර, Sports Chain ක්‍රිප්ටෝ මුදල් ලියාපදිංචි කර හෝ වෙළඳපොල තුළ ඒ පිළිබඳ කරුණු කිසිවක් සඳහන් නොවන බව අනාවරණය කළේය.

Sports Chain ට අදාළ ජංගම යෙදුමක් Google Play හෝ App Store හි නොමැති අතර වෙබ් සබැඳියක් භාවිතයෙන් බාගත කළ යුතු බව ද ඔහු තවදුරටත් පැවසීය.

මෙය භාවිතා කිරීමට, ආයෝජකයන්ට Crypto සංකල්පය හඳුන්වා දුන් හවුල්කරුගේ හුවමාරු යතුර (transfer key) ඇතුළත් කිරීමට සිදු වන අතර  මෙය “හවුල් ජාලයක් ගොඩනැගීමේ” ක්‍රමයක් ලෙස එහි සඳහන්ව ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

මෙම සමාගම ආයෝජකයන් සඳහා ප්‍රවර්ධන වැඩසටහන් සහ රැස්වීම් කිහිපයක් ම පවත්වා ඇති අතර, ඇතැම් විට කොළඹ තරු පහේ හෝටල්වලදී ඔවුන් තම දාමයට සම්බන්ධ කරගැනීමට පොළඹවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මුදල් ආයෝජනය මඟින් පරිශීලකයින්ට මෙන්ම ආර්ථිකයට එල්ල වන සැලකිය යුතු මූල්‍ය සහ නීතිමය අවදානම පිළිබඳව මහ බැංකුව පසුගිය කාලය තුළ මහජනතාවට අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර ඇත.

Crypto මුදල් ඇතුළු අතථ්‍ය මුදල් (virtual currencies) සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කිසිඳු ආයතනයකට හෝ සමාගමකට බලපත්‍රයක් හෝ අවසරයක් ලබා දී නොමැති අතර, කිසිදු මූලික කාසි පිරිනැමීම් (Initial Coin Offerings) හෝ මුදල් ඉපයීමේ ක්‍රමයක් සඳහා මෙම ක්‍රමය භාවිතා කිරීමට මහ බැංකුව විසින් අවසර ලබා දී නොමැති බව ද මහජනතාවට දන්වා ඇත.

ඕවින්දි විශ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan