ගෝඨාභය උද්දච්ඡ, මෝඩ මිනිහෙක් කියලා අපි කවුරුත් පිළිගන්නවා – රතන හිමි (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ විවේචන තිබුණත් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කාරණය වෙනම තේරුම් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

“මේක අපි ලඝු කළොත් ගෝඨාභයට පුළුවන්ද මෙහෙම සුයිසයිඩ් කණ්ඩායමක් හදන්න ? හදලා එයාගෙ ඡන්දෙට යොදාගන්න පුළුවන්ද ? ගෝඨාභය උද්දච්ඡ, මෝඩ මිනිහෙක් කියලා අපි කවුරුත් පිළිගන්නවා. එයාගෙ දේශපාලනය ගැන අපට වෙනම විවේචනයක් තියෙනවා. ඒක වෙනම කතාවක්, මේක වෙනම කතාවක්. එතකොට මේකෙ තියෙන බරපතළකම අපි තේරුම් ගමු. මේක මුස්ලිම් අන්තවාදයක් වැඩෙනවා, මුස්ලිම් ජනතාවගේ බහුතරයක් මේකට විරුද්ධයි. බහුතරයක් නෙවෙයි 90% – 95% ක්ම විරුද්ධයි. ඒ මිනිස්සු තමයි මේ ත්‍රස්තවාදියොන්ව අල්ලලා දුන්නේ. හැබැයි අපි තේරුම්ගන්න ඕනෙ 10%ක අන්තවාදී සමාජයකට පුළුවන් 90%ක් අත් අඩංගුවට ගන්න. ඒක තමයි ඇෆ්ගනිස්ථානයේ වෙලා තියෙන්නෙ. අද ඉස්ලාම් අන්තවාදී රාජ්‍යයන්වල මෙහෙයුමක් තියෙනවා, ඒක තේරුම් ගන්නේ නැතුව අපි කතා කරන්නේ”

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...