*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම (අශෝක ජයතුංග)

(අශෝක ජයතුංග ඇමෙරිකාවේ සිට)

? රනිල් කම් ඕ චිගාගෝ කියා ඇමෙරිකාවේ දී පෙරපාදයේ පහර දීම.

?චීනයට ඉන්දියාවට නෙවෙයි මම පක්ෂපාතී ලංකාවටයි…..??

?සමාජ මාධ්‍ය මඩ හා අවලාද ගැන කපටි නරියාගෙන් ලෝක මෙහෙයුමක්…. !!

?රනිල් UN අමතනවිට සෙනඟ නැති බවට ඇඟවූ බොරු සමාජ ජාලා මෙහෙයුමක්….!!

?රනිල්ගෙන් කියුබාවට ටියුෂන්…..??

?රනිල් මෛත්‍රී හදිසියේ ලන්ඩන් ගියේ ඇයි….??

?මහින්ද සමරසිංහ ගේ මෙහෙයුම් කප් ගහයි…!

?රනිල් යුවරජුට ඇන්දවූයේ කාවද….??

?සජබ ධර්මෙ ට නිව්යෝර්ක් වන්දනාව අහිමිවීම…..??

            නිව්යෝර්ක් යන ගමන් ලිබරල් රනිල් සමාජවාදී කියුබාවට බැස්සේ නෝන්ඩියට ද රට දැක බලා ගන්නටදැයි සමහරු ඇසූහ. G 77 සමුුුළුව ඇමතූ ඔහු එරට ජනපති ද හමුවීය.

      වෛද්‍ය ක්ෂේත්‍රය හා ක්‍රීඩා පුහුණුකරුවන් ගැන කතා කර කියුබාවේ පොල් වැවීම ගැන රනිල් ටියුෂන් ද ලබා දුන්නේය. නිව්යෝර්ක් ගිය රනිල් පිළිගත්තේ එරට තානාපති මහින්ද සමරසිංහ හා UN තානාපති මොහාන් පීරිස් ය. UN හිදී ඔහු පිළිගත්තේ එහි මහලේකම් ගුටරේස් ය.

       රට යාමට පෙර රනිල් බැසිල් හමුවිය. වෙනදා බැසිල්ගෙන් ඉල්ලීම් ආවද මෙවර ආරාධනාව රනිල් ගෙනි. කැබිනට් හා රාජ්‍ය ඒවායේ ගැටලු කතාවී  යයි කියවුණ ද රනිල් ඊට නෑසූ කණ් යෙදවූ බව ද කියවේ. ඒත් ඇමතිකම් ඉල්ලා කචල්දාන පොහොට්ටුවන් නිව්යෝර්ක් ගෙන ගොස් සැපක් දීමේ යෝජනාවට නම් වංගු ගැසීමට කපටි නරියා ක්‍රියා කළේ නැත. එහෙත් සජබෙ ධර්මසේනගේ නිව්යෝර්ක් වන්දනාවට කණකොකා හැඬුවේ සජිත් හා සජබ විරෝධය නිසාය.

     “නිව්යෝර්ක් ගමනට බෑ කිව්වා කියලා ධර්මසේන ලවාම බලෙන් රටටත් කියවලාලු. ඒක කුප්ප වැඩක්”නිව්යෝර්ක් ගිය අය ලොකු හෝටලේක සප්පායම් වෙමින් කීවේ එහෙමය.

     2030 තිරසර සංවර්ධනය හා ගෝලීය සහයෝගිතා හා ඉන්දු – පැසිපික් සමුළුවලට ජනපති එක්වූයේ පසුදාය. රනිල් ඇමෙරිකානු පිටියට බැහැපු වෙලාවේ සිට ක්‍රීඩා කළේ “කම් ඕ චිකාගෝ” කියා පෙරපාදයේය. සමන් ඒකනායක මහින්ද සමරසිංහ ඊට හයිය දුන්නේය.

    “චීනයට ඉන්දියාවට නෙවෙයි මම පක්ෂපාතී ලංකාවටයි” ඉන්දු පැසිපික් සමුළුවේ දී රනිල් කීවේ සියලු දෙනා කරකවා අතහරිමිනි.

    ද කොරියානු ජනපතිගේ හමුව ඉතා වැදගත් විය. “ලංකාවට වැඩි රැකියා කෝටාවක් දෙන්න. ආයෝජන එවන්න” ජනපතිගේ ඉල්ලීමට ඉහල ප්‍රතිචාර ලැබිණ. එරට සංචාරයකට ද රනිල් ට ඇරයුම් ලැබිණ.

    බංගලිදේශ  අගමැතිනිගේ හමුවක් ද සිදුවිය.

      “ලංකාවට අමාරු වුණත් ණය පැහැර නොහැරීම අගය කරනවා. තවත් සහාය දෙනවා” ඇය කීවාය.

     නේපාල් අගමැති හා ඉරාන ජනපති හමු ද සිදුකෙරිණ.

     “උමාඔය විවෘත කරන්නට ඉරානයට ආරාධනා කරනවා” රනිල් කීවේ ඉරාන ඉන්දන ලබා ගැනීමේ සැලැස්මක් ද සිතින් දරමින් විය හැකිය.

      FB හා සමාජ මාධ්‍යට අදාළ මෙටා සමාගමේ ප්‍රධානියා හමුවූ රනිල් දෙකොණ කැපෙන කතාවක් කීවෙිය.

    “ලංකාවෙ සමාජ මාධ්‍ය වල බොරු හා මඩ යනවා. මේක පාලනය නොකළොත් ඉදිරියට යන්න බෑ” ඔහු කීය. ජනතාවගේ මූලික අයිතීන්ට එකගව තීන්දු ගන්නට එහිදී කතාබහ විය.

           තානාපති මහින්ද සමරසිංහ ගේ ඉල්ලීමට නිව්යෝර්ක් BCIU බිස්නස් කවුන්සිලය සංවිධාන කල ඇමෙරිකාවේ හා ලංකාවේ ප්‍රබලම සමාගම් එක්වූ සමුළුව රටට වාසි ගෙනාවා පමණක් නොව දෙරට අතර ව්‍යාපාර පාළමකට ද අඩිතාලම  වැටිණ. ජනපතිගේ ආකර්ශණීය ආරාධනයෙන් පසු ඔවුහු විමසූ ප්‍රශ්න වලට ද ආකර්ශණීය පිළිතුරු ලැබිණ. ලංකාව හා ව්‍යාපාර හා ආයෝජන වලට ඔවුන්ගේ කැමැත්ත පළවූයේ අනතුරුවය. තවද IMF හා US Aid ප්‍රධානීන්ගේ හමු සංවිධානය කළේ ද තානාපති මහින්ද හා එම නිලධාරීන්ය.

    “IMF අය එක්ක අපේ නිලධාරීන් දැන් කතා කරනවා. ණය ප්‍රතිව්‍යුහගත කරන එකට සෙසු පාර්ශව වල සහාය ගන්නත් IMF උදව් දෙන්න” ජනපතිගේ ඉල්ලීමට හොඳ ප්‍රතිචාර ලැබිණ.

       “US ඒඩ් එක පොහොර දීලා අපේ ගොවියගෙ ප්‍රශ්න විසඳුවා. ඒ උදව්ව යළි කරන්න” රනිල් කීවේ අවශ්‍ය මොනවාදැයි සමන්තා පවර් විමසූ විටය.

    “ලංකාවට තව උදව් කරන්න” වසරක ප්‍රගතිය පෙන්වමින් රනිල් ඇනය ගැසුවේය. සබ්‍රි, මහින්ද සමරසිංහ, මොහාන් පීරිස්, සමන් ඒකනායක, දිනේෂ් වීරක්කොඩි ද එම අවස්ථා වලට එක්වූහ.

       තානාපති මහින්දගේ කැපවීම තුළ ජනපති ලෝක බැංකුවේ ඉන්දියානු අධිපති හමුවී “අපි අල්ලපු ගෙවල් නේ” යයි ගේමක් ගැසූ රනිල් සංචාරක, ආහාර සුරක්ෂිතතාව හා කෘෂි තාක්ෂණය හා සෝලා විදුලිය ගැන ද කීවිට ලෝක බැංකු  සහාය ඒකාන්ත බවට ප්‍රතිඥා ලැබිණ.

     ඇමෙරිකාවේ සිව්දෙසින් ආ ලාංකිකයන් ද රනිල් හමූවූහ.

       “ඉක්මනින් රට යථාවත් කල නිසා අපේ සහායත් දෙනවා” ප්‍රතිඥා ලැබිණ. පසුදා රනිල් මහා සමුළුව ඇමතනවිට සූදානම් වන විට විවිධ ජාති ආගම් හා පක්ෂ වල අවස්ථාවාදීන් යටි අරමුණකට අර ඇන්දේය. කපටි නරියා සුවපහසුව සමුළුව අමතන විට කැනඩාවෙන් ද සෙනග ගෙනැවිත් කෑගසන්නට ප්ලෑන් කල ද එය ලත්තැනම ලොප් විය.

   “ලෝක සහායත් අරන් ලංකව තිරසර සංවර්ධනයට යොමුකරනවා” ජනපති සමුළුවට කීවේය. ඒත් රනිල් අමතනවිට සභාවේ සෙනඟ නැති බවට බොරු  ඡායාරූප දැමීමට ඔවුහු දැගලුවේ කලහැකි වෙන කිසිවක් නැති තැනය.

     සමුළුවට ආ රාජ්‍ය නායකයන්ට අවසන් දිනයේ රාත්‍රි හෝජනය දුන්නේ ඇමෙරිකා ජනපතිය. රනිල් – බයිඩන්  ජෝඩු දෙක ඡායාරූපයක් ද ගත්තේය. පසුදා රනිල් මෛත්‍රී ලන්ඩන් ගියේ මෛත්‍රී ට ලැබෙන උපහාරයක් පිළිගැනීමටය.

    රනිල් මෙවර රට ගියේ  විශ්වාසවන්ත සාගල  යුවරජු ට අන්දවාය. ඔහු ද පැවරුණු  වගකීම් සීමාවෙනුත් ඔබ්බට ඉටුකළේ හැකියාව පෙන්වීම, ලකුණු දමා ගැනීම හා තම ඉලක්ක පහසු කරගැනීමට ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan