*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

ජමීලා, මයි ලකී ලකී ගර්ල් !

මේක කියන්නෙ ජමීලා.ඇය දැනුම හොයා ගෙන ගිය ගමනක අවසන් පලය භුක්ති විඳිමින්.මේක ලියන්නෙ නදීහා චන්ද්‍රසේන.ඇය දැනුමෙන් වැඩක් කරන්න තරම් දෙයක් තමන්ගෙ රටේ නැති නිසත්,ඉඩක් නැති නිසත් ලංකාවට අහිමි වුණ වටිනා මානව සම්පතක්.
අපි මෙතැන පිංතූරයට පාවිච්චි කරන්නෙ නදීශා මේ සටහනට යොදපු පිංතූරයක් නෙමෙයි.නදීශයි ජමීලයි ඉන්න පිංතූරයක්.මෙතැන් සිට දිග හැරෙන්නේ ජමීලා ගැන නදීශාගේ වචන…
ඊයේ ක්වීන්ස්ලන්ඩ් ඒ අයි සමිට් හි සමාරම්භක දේශනය කරන ලද්දේ ජමීලා ගෝර්ඩ්න් විසිනි. මේ, ඈ එහිදී කළ කතාව, මා මතකයේ තබාගත් තරමට ය.
මම ඉපදුනේ සෝමාලියාවේ. ඉතියෝපියා-සෝමාලි බෝඩරය අසළ ගමක. පවුලේ දරුවන් දාසයයි. මම හතර වෙනියා. අපේ තාත්තා මට කතා කළේ “ජමීලා මගේ ලකී ලකී ගර්ල්” කියල. අපට වතුර හෝ විදුලිය තිබ්බෙ නෑ. වැස්සත් නෑ. එක්තරා අමාරුම නියන් කාලයක තාත්තා තීරණය කළා දරුවෝ අරගෙන මීට වඩා “හොඳ” තැනකට යන්න. අපේ ලොකු පවුල ඉතියෝපියා බෝඩරේ පැන්නා. අපි මොගඩිෂු වල ජීවත් වෙන්න පටන් ගත්තා. මොගඩිෂු කියන්නේ අපි හිටපු තැනේ හැටියට හැම අතින්ම්ම හොඳ තැනක්. මොගඩිෂු වල වාසයට සුදුසු ගෙවල් තිබුණා, වතුර, විදුලිය තිබුනා. ගස් තිබුනා. එහෙට වැස්ස වැටුණා. ඊටත් වඩා, කෙල්ලොන්ට හවස ඉස්කෝලේ යන්න පුළුවන් කම තිබුණා. ඉතින් මම ඉස්කෝලෙ යන්න පටන් ගත්තා.
අපට මොගඩිෂු වල නෑයෝ-යාලුවෝ හිටියෙ නෑ. අපි තනිවුණු පවුලක්. මම මිනිස්සුන්ට කතා කළාට, මිනිස්සු මගේ කතා වලට පෙරළා ප්‍රතිචාර දෙන්නේ නෑ. මට වයස දහතුනයි, මගේ හිත රිදෙනවා එතකොට. එක පාරක් අපේ අම්මට ගමේ ගෑනු කෙනෙක් මුණටම කිව්වා “වෙන මිනිස්සු ගෑණු හතර දෙනෙක් තියන් කරන දේ ඔයාගේ මනුස්සයා තනි ගෑණියෙක් තියන් කරන්නේ” කියල. තව කිව්වා, “ඔයාගේ දුව ජමීලට දැන් දහතුනයි, නමුත් එයාට තාම මිනිහෙක් නෑ ” කියල. “ජමීලට මිනිහෙක් නැත්තේ එයා කළුයි, කොටයි, කැතයි” නිසා කියලත්.
ඇත්තටම කළුයි, කොටයි, කැතයි නිසා මට විවාහ යෝජනා ආවේ නෑ. මට දිගටම ඉස්කෝලේ යන්න පුළුවන් වුනේ ඒක නිසා. අපේ මොගඩිෂු වල ජීවිතේ එක රැයින් කණපිට ගැහුණා, ඉතියෝපියාවේ සිවිල් යුද්දෙ පටන් ගත්තාම. මිනිස්සු මැරෙන්න ගත්තා, ගෙවල් ගිණිබත් වෙන්න ගත්තා. මගේ තාත්තා කිව්වේ එකම දෙයයි. “මට මගේ දරුවෝ මගේ ඇස් ඉස්සරහ මැරෙනවා බලන්න බෑ. ඔයාල ජීවත්වෙන්න පුළුවන් ඕනෑම තැනකට ගිහින් ජීවත්වෙන්න” කියල අපිව හතර අතේ යැව්වා. තාත්ත යවන්න පුළුවන් හැම තැනටම අනික් දරුවෝ යැව්වා. ගෑනු කෙනෙක්ට සල්ලි දීලා අපේ මල්ලිලා නංගිලා හතර දෙනෙක්ව එංගලන්තෙ යවල තිබ්බ. ඒ කියන්නේ හියුමන් ට්‍රැෆිකින් කරන කෙනෙක්ට. ඒ පොඩි ළමයිව හීත්රෝ එයාර්පෝර්ට් එකට දාල එන්න. එයාර්පෝර්ට් එක ඇතුළට ගිහින් ළමයිව වාඩි කරවලා ගෑනු කෙනා හැඟෙනවා. මම මුලින් යන්න බෑ කියල ඇඬුවා. නමුත් යුද්දෙන් මැරෙනවට වඩා කොහේ හරි ගිහින් ජීවත්වෙන එක හොඳයි කියල හිතුනා අන්තිමේ. මම යැව්වේ කෙන්යාවට.
කෙන්යාවට යද්දී මට දහඅටයි. තාත්තගේ නෑයෝ වගයක් හිටියා එහෙ. ඒ ගෙදර ගිහින් දෙවැනි දවසෙම මට එළියට බහින්න වුණා. මොකෝ ඒ පවුලෙත් දරුවො ගොඩක් හිටියා. මට කන්න දෙන්න එයාලට අමාරුයි කිව්වා. මං දෙවැනි දවසෙ රෑ ඒ ගෙදර එළිපත්තේ අඬ අඬා ඉද්දි එහා ගෙදර ළමයා ඇවිත් දොර ඇරලා මාව ඇතුළට ගත්තා. එයා මට පොඩි වැඩ වගයක් හොයල දුන්නා, ළමයි ගොඩක් ඉන්න පවුල් වල ළමයි බලන්න, රෙදි හෝදන්න, ගේ අතු පතු ගාන්න වැඩ. මම ඒවා කලාම කන්න මොනව හරියි සල්ලි ටිකකුයි අතට ලැබුණා. මම ඉස්කෝලේ අධ්‍යාපනය සම්පූර්ණ කළ කෙනෙක් වුනාට කෙන්යාව ඇතුළෙ මට වෙන රස්සාවල් කරන්න පුළුවන් වුණේ නෑ. මොකෝ මම අනවසර සංක්‍රමනිකයෙක්. මට ස්වාහිලි බාසාව බෑ. මෙහම ඉන්න අතරේ එක්තරා රෑක කෙන්යන් පොලීසිය පැන්නා මගේ නවාතැනට. අනවසර සංක්‍රමනිකයෝ අල්ලන්න. දැන් පොලීසිය ඇවිත් අපව ගෑනු, පිරිමි, සහ ළමයි විදියට පෝලින් ගැස්සුවා. මාව වැටුණේ ළමයි ගොඩට. මගේ බර කිලෝ තිස් අටයි. ළමයින්ට කවුරුත් අනුකම්පාවෙන් සලකනවනේ. ඒ නිසා කෙන්යාවේ අගනුවරට අපිව යැවුනා. එහෙට ගෙනිච්චාම වයස ගැන සලකලා මාව නිදහස් කෙරුණා, ටවුමේ මොකක් හරි රස්සාවක් කරගන්න. මම ගෙවල් වල වැඩ හොයාගත්තා.
මාව ඉතියෝපියාවෙන් පිට කරන්න කලින් අපේ තාත්තා මට කිව්වා දේවල් තුනක්. මට ඔයාව ආයේ දකින්න පුළුවන් වේද දන්නේ නා, නමුත් ඔයා යන තැනකට “ප්‍රයෝජනවත් කෙනෙක්” වෙන්න. වැඩ කරද්දී ඔයාගේ උපරිමේ කරන්න. ලොකු දේවල් කරන්න හීන දකින්න, ඔයාගේ ජීවිතේ උපරිමේටම යන්න. මේක මගේ ඔලුවේ වැඩ කළා හැමදාම. කෙන්යාවේ අගනුවරදී ගෙවල් වල වැඩ කරද්දී මට සෙට්වුනා කෙල්ලෝ වගයක්. උන් සතියේ දවස් හයක් වැඩ කරලා එක දවසක් ක්ලබ් එකකට යනවා වොනොද වෙන්න. මටත් ඉතින් මේ විනෝදෙ ගැන ආස හිතිලා මම ත් ගියා ක්ලබ් එකකට. එතැනදී තමයි මගේ දෛවය වෙනස් කළ මනුස්සයා හමු වුණේ. මම එක දවසක් යාලුවෝ එක්ක ඉද්දි සුදු මනුස්සයෙක් මගේ ලඟට ආවා. ඒ දවස් වල තනි පිරිමියෙක් කියන්නේ, සම්බන්ධතාව ස්ථිර වුණොත් මම පළවෙනි බිරිඳ වෙනවා කියන එකයි. පලවෙනි බිරිඳ තමා බොස්.
මට මුණගැහුණු පිරිමියාට මම මුලිම්ම කිව්වෙ මගේ කතාව. එයා ඇස් දෙකේ කඳුළු පුරවන් ඒක අහගෙන හිටියා. ඊට පස්සෙ කිව්වා “කෙල්ලේ, මම ඔයාට මෙතැනින් ගැලවෙන්න උදව් කරන්නම්” කියල. එයා මාව අරන් ගියා කෙන්යාවේ ඕස්ට්‍රේලියානු එම්බසියට. එතැන හිටපු ඔෆිසර් මට දුන්න ෆෝර්ම් වගයක්, පුරවන්න. මම දැන් ලියනවා අම්ම තාත්ත එක්ක පවුලේ සාමාජිකයෝ දහඅට දෙනෙක් ගේ නම්, අර ෆෝර්ම් එකේ. මම ගත්තම, මට නම් පහක් තියනවා. අනික් අයටත් එහෙමයි. මෙහෙම දිග නම් පල්ලෙහාට පල්ලෙහාට ලියද්දි මට කල්පනාවුනා මේ එක්කෙක්නෙක්වත් මා එක්ක නෑ නේ. මෙයාල මැරිලත් ඇති. ඇයි මම මේවා ලියන්නේ කියල. මම ඇඬුවා. මගේ කතාව අහල එම්බසි ඔෆිසර්ත් ඇඬුව. එයා ඇස් රතුකරගෙන කියුබිකල් එකෙන් එලියට ඇවිත් කිව්වා “කෙල්ලේ, අපි ඔයාව ඕස්ට්‍රේලියාවට යවනවා” කියල. මම සිඩ්නි වලට ආවේ එහෙමයි.
මම සිඩ්නි ඇවිත් ටේෆ් එකේ ඉංග්‍රීසි ඉගෙන ගත්තා. රෙස්ටෝරන්ට් වල වැඩ කළා. එහෙ මම එක්ක වැඩ කළ කෙල්ලෙක් විශ්ව විද්‍යාලෙන් ග්‍රජුවෙට් වෙලා ඕස්ට්‍රේලියන් ටැක්සේෂන් ඔෆිස් එකේ (ඒටීඕ එකේ) ස්ථිර රස්සාවකට ගියා. එයා අපට පාර්ටියක් දුන්නා. ඒකට ආවා එයාගේ අනික් යාලුවොත්. එයාල කිව්වේ, හෙලන් “යුනි ඉවර කළා, දැන් ඒටීඕ එකේ ජොබ් එකකට යනවා” කියල.මටත් යන්න ඕන වුණා ඒ කියන යුනි එකට, ඒටීඕ එකේ ජොබ් එකට. ඊළඟ අවුරුද්දක කාලයක් පුරා මම යන්න පුළුවන් හැම තැනටම ගියා, ලිව්වා. මම ඉල්ලුවා විශ්ව විද්‍යාල වලින් අවස්තාවක්. කොහෙන්වත් අවස්තාව ආවේ නෑ. නමුත් මං දිගටම අවස්ථාව හෙව්වා. එහෙම හොයද්දි කෙනෙක් කිව්වා මෙල්බර්න් වල ලා ට්‍රෝබ් කියල යුනි එකක් තියේ. එහේ බලන්න කියල. මම එහෙටත් ලිව්වා. ඒකෙ ඇඩ්මිෂන් වලට මාව ඉන්ටර්වීව් කරද්දී මම කිව්වේ “මට යුනි යන්න ඕන, මොකෝ මට ඒටීඕ එකේ ජොබ් එකක් කරන්න ඕන” කියල. ඒ මිනිස්සු හිනාවුණා, හැබැයි මට අවස්ථාව දුන්නා.
මම ඉගෙන ගත්තේ එකවුන්ටින්. මට අංක පුළුවන්, ඉංග්‍රීසි බෑ. මගේ කෝර්ස් සුපවයිසර් කිව්වා එකවුන්ටින් විතරක් නෙමේ, තව විෂයයන් කීපයක් කරන්න ඕන කියල. ඉංග්‍රීසි අමාරු නිසා මම අයි ටී තෝරගත්තේ. මම හිතන්නේ ඒක මම හොඳටම කළා. මගේ සුපවයිසර් කිව්වා ඔය ඒටීඕ එකේ ජොබ් කියන කතාව අතාරින්න, “ඔයා ඔයා වෙන්න” කියල.
යුනි එකෙන් අවුට් වෙලා මම ජොබ් එකකට ආවා, එතනින් තවත් තැනකට. මාව හෙඩ් හන්ට් කරලා යුරෝපෙන් ගත්තා. තව රටවල් කීපයක මම වැඩ කළා. මම කන්ටාස් එකේ ගෘප් චීෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි ඔෆිසර් වුණා. පස්සෙ කාලෙක මම මගේම කොම්පැණියක් හැදුවා, ඒක ලුමාචේන්.
ඒක තමයි මගේ ගමන. මේක තමයි මගේ කතාව !

නදීශා චන්ද්‍රසේන

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan