*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

එමීර් රාජ්‍යයේ වාසනාව මතු කර ගන්න කළ කැනීම්වලට ලාංකිකයොත් හවුල් ද?

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රගර් තරගාවලියේ මූලික වටයේ තරගවලදී තරග වදින කණ්ඩායම් තේරීමේදී පහසුම කණ්ඩායම් සිටින කාණ්ඩය නියෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හැකි වී ඇත.අපක්ෂපාතිව මෙම කණ්ඩායම් කාණ්ඩවලට වෙන් කිරීමේදී ආසියාතික රගර් සභාපතිවරයා නියෝජනය කරන එමීර් රාජ්‍යයේ කණ්ඩායමට මේ වාසනාව උදා වී ඇත.ශ්‍රී ලංකාවේ රගර් ස්වාධීනත්වය සම්බන්ධයෙන් කරන ලද බලපෑම් හේතුවෙන් හිටපු රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් දොස් පැවරීම නිසා සහ නිලවරණයේ දී එවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ රගර් සභාපති ලසිත ගුණරත්න ඔහුට ඡන්දය නොදීමත් නිසා ශ්‍රී ලංකාවේ රගර් සම්බන්ධයෙන් ද්වේශ සහගත හැසිරීමක නියැලෙන බවට ඔහු විසින්ම පැවසූ ලිඛිත සාක්ෂි සහිත අමාත්‍යවරුන් ද සිටියදී ශ්‍රී ලංකාවේ රගර් සම්බන්ධ බොහෝ දෙනෙක් හැසිරුණේ ආසියානු සභාපතිවරයාගේ ආධිපත්‍යය හිස මුදුනින් පිළිගෙන තමන්ගේ බල ව්‍යාපෘති ජය ගැනීමේ අරමුණෙන්ය.

ඒ තත්ත්වය අනුව අධිකරණයට හෝ ගොස් පවතින පරිපාලනයේ සැළසුම් මත ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවිම වැළක්වීම පිණිස අනියම් ලෙස හෝ කටයුතු කළ රගර් කේෂත්‍රයට සම්බන්ධ පිරිස් ඒ සඳහා අවශ්‍යය රැකවරණය සහ ආශිර්වාදය ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්ම ලබා ගෙන ඔහුටවත් පාලනය කළ නොහැකි තත්ත්වයකින් ක්‍රියා කළේය.නමුත් ජාතික ඔලිම්පික් කමිටුව,ආසියානු ඔලිම්පික් කමිටුව මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා,ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ අමාත්‍යවරයා ද මැදිහත් වී දුන් දායකත්වයත්,කුමන තත්ත්වයක වුව රටේ රගර් ක්‍රීඩාව වෙනුවෙන් අනුග්‍රහය දීමේ රගර්මය හැඟීම් සහිත ප්‍රධාන සහ සම අනුග්‍රාහකත්වයනුත් නිසා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියාවේ ප්‍රබලම කණ්ඩායම් වන චීන තායිපේ සහ කොරියා කණ්ඩායම් සමඟ එක කාණ්ඩයකින් ආසියානු තරගාවලියේ සත් සාමාජික රගර් තරග සඳහා මුහුණ දීමට සූදානමින් සිටින්නේය.ආසියානු සභාපතිවරයා නියෝජනය කරන කණ්ඩායම අතශයින් වාසනාවන්ත ලෙස නේපාලය,ඇෆ්ගනිස්තානය වැනි ලපටි කණ්ඩායම් සමඟ තරග වදින අතර තමන්ගේ රටේ කණ්ඩායමට පහසු තරග කාණ්ඩයක් ලැබීම ගැන එම සභාපතිවරයා ද සතුටු වෙනවා ඇත.නමුත් අද ශ්‍රී ලංකාවේ රගර්වලට ආදරේ කියන බොහෝ දෙනෙක් සතුටුවෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිංහ ධජය හෝ ජාතික ගීය අහිමි කරමින් තරග වදින්නට සිඳුවීම සම්බන්ධයෙන් තමන් ආසියානු රගර් සභාපතිවරයා සමඟ එකතු වී කළ හපන්කම ගැනය.

මේ මොහොතේ හෝ ඔවුන්ට තම රටේ වාසනාව පාදා ගැනීමට ආසියානු සභාපතිවරයා දක්වන කැමත්ත සහ තමන්ගේ ස්වභාවය ගැන හරි මිම්මකින් මැන ගන්නේනම් ඉදිරයේදී හෝ රට ගැන සිතා කරන සැබෑ දේශප්‍රේමීත්වය ගැන පාඩම් ඉගෙන ගන්නට හැකිය.ක්‍රිඩා අමාත්‍යවරයා වුව හිටපු රගර් සභාපතිවරයාට දේශද්‍රෝහී ලේබලය ඇලවීමට ගත් උත්සාහය ගැන තමන්ගේ කණ්නාඩිය ඉදිරිපට සිට සිතනු ඇත.මේ අතිශයින් වාසනාවන්ත විදිහට තමන්ට ලැබුණු පහසු තරග ගැන සවුදි අරාබිය සතුටු වෙද්දී එහි හවුල්කරුවෝ වෙමින් සහ ලංකාවට කොඩිය අහිමි කිරීමේ කාර්යයට උර දුන් දායකසභාව හැටියට ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ ඉදිරි ගමනට බාධා කළ පිරිසට මොනවා සිතෙනු ඇද්ද?

සටහන නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan