දේශසීමා උල්ලංඝණය කළ රුසියානු ප්‍රහාරක යානාවන්ට ජපානය අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔත්තු බැලීමට පැමිණෙන ලදැයි සැලකෙන රුසියානු Il-38 ගුවන් යානයකට ජපන් ප්‍රහාරක ගුවන් යානාවන් ගිණිදැල් පිටකරමින් සිය ගුවන් සිමාවෙන් ඉවත්වන ලෙස අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ජපානයේ උතුරු දෙසින් පිහිටි ප්‍රධාන දූපත වන හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් වූ රෙබන් දූපතට ඉහළින් රුසියානු Il-38 ගුවන් යානයක් ජපානයේ ගුවන් සීමාව පසුකර පැය පහක ගුවන් සාරියකින් අනතුරුව ජපානය F-15 සහ F-35 ප්‍රහාරක ගුවන් යානා මඟින් ගිනිදැල් පිටකරමින් ජපන් ගුවන් සීමාවෙන් පිටවන ලෙස අනතුරු ඇඟවීම කර ඇති බව ජපාන ආරක්ෂක ඇමති මිනෝරු කිහාරා ප්‍රකාශ කර තිබේ.

මෙම සිදුවීම සිදුවන්නේ චීන සහ රුසියානු යුද නැව් ඒකාබද්ධ බලඇණියක් ජපාන උතුරු වෙරළ තීරය වටා යාත්‍රා කිරීමෙන් දිනකට පසුවය.

කෙසේ නමුත්, ආරක්ෂක ඇමති කිහාරා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මෙම මස මුල සිට චීනය හා රුසියාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පවත්වමින් සිටින අතර චීනය සහ රුසියාව අතර වර්ධනය වන මිලිටරි සහයෝගීතාව සහ ජපානයේ ජලය සහ ගුවන් අවකාශය තුළ චීනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජපාන ආරක්ෂක නිලධාරීන් දැඩි සැලකිල්ලකින් පසුවන බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...