කතරගම දහම් පාසල් වැසෙයි! ශාසනාරක්ෂක බලමණ්ඩලයෙන් දැඩි තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ (LNW):

පසුගියදා විවෘත කළා යැයි පැවසෙන කතරගම වැඩ සිටි කන්ද මාර්ගයට ආසන්නයේ මත්පැන්හළ වසා දමන තෙක් ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වාගෙන යනු ලබන දහම් පාසල් නොපැවැත්වීමට කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලය ඊයේ (23 වැනිදා) තිරණය කර තිබේ.නියෝජ්‍ය කතානායකවරයකු විසින් මෙය විවෘත කළ බව තොරතුරු සඳහන් වේ.

මෙම සුරාසල කතරගම දෙටගමුව ආසන්නය පවත්වාගෙන යන අතර එය වසා දමන ලෙස මහාසංඝරත්නය පසුගිය දා විරෝධතාවක නිරතවීමෙන් පසුව සුරාසල වසා දැමුවද ඊයේ සුරාසල නැවත විවෘත කර ඇති බව වාර්තා වේ.

ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි කපුගම සරණතිස්ස නාහිමියෝ පැවැසූවේ, එයට විරෝධය පළකරමින් කතරගම ප්‍රදේශයේ විහාරස්ථානවල පවත්වා ගෙන යන දහම් පාසල් වසා දැමීමට තීරණය කළ බවයි.

කතරගම ගම වැනි පුදබිමකට සුරාසල් අවශ්‍ය නොවන බැවින් මේ හරහා කතරගම පුදබිමේ ගෞරවයට හානි වන බැවින් සුරාසල ඉවත් කළ යුතු බව එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන් සදහන් කළේය.

කතරගම දෙවියන් වැඩසිටින වැඩසිටි කන්ද පුදබිම ආසන්නයේ මෙම සුරාසල පිහිටි නිසා අනුමත කළ නොහැකි බැවින් එය ඉවත් කරන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මෙම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වැඩ සිටිකන්ද රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති ඌව පළාතේ සංඝනායක හිල්ලේ ඥානානන්ද හිමියන් සදහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට !

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට තැත් කළ...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...