පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද රාත්‍රියේ ?

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

නව කැබිනට් මණ්ඩලය අද දිනයේදී පත් කෙරෙනු ඇති අතර එහිදී අමාත්‍යාංශ 15ක් පිහිටුවා එය හතර දෙනෙකු අතර බෙදා ගැනෙනු ඇති. ඉන් අනතුරුව පළමු කැබිනට් රැස්වීම පවත්වා, මහමැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත්තේ ඉන් අනතුරුව ය.

කෙසේවෙතත් අද දිනයට සැලසුම් කර ඇති කාර්යයන් යම් හෙයකින් ප්‍රමාද වුවහොත් පාර්ලිමේන්තු විසුරුවා හැරීම හෙට දිනයේදී සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...