මහ මැතිවරණය සදහා සූදානම් – පොදු පෙරමුණ

0
804

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ (LNW):

ඉදිරි මහ මැතිවරණයට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.අද දින නෙළුම් මාවතේදි ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බව සඳහන් වේ.

මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇති අතර දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමට මෙහිදී තීරණය කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. නැවත පක්ෂය සමග එක්වීමට පක්ෂය හැරගිය අය බොහෝ දෙනෙකු ඉල්ලීම් කර තිබෙන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටී.