චමරිලා ලෝකය දිනන්න ගිය හැටි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 24, (LNW) කොළඹ :

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය සඳහා අවශ්‍ය පුහුණු කටයුතු වෙනුවෙන් ද වැඩ සැළසුම් කර ගනිමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා.ඔවුන් තරගාවලියට පෙර නවීකරණය කරන ලද මැද පෙරදිග තණතීරුවල අලුත්ම තත්ත්වයට හැඩ ගැසෙන්නට අවශ්‍යය පුහුණු සැසිවල නිරතවීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් ලැබුණු ගවේෂණාත්මක තොරතුරු මත මේ වන විටත් දඹුල්ල ක්‍රීඩාංගනය යොදා ගෙන රාත්‍රී පුහුණු සැසි සඳහා පවා ශ්‍රී ලංකා ක්‍රිකට් හී ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි මට්ටමේ සිටින බව නායිකා චමරි අතපත්තු මෙන්ම රුමේෂ් රත්නායක පැවසුවා.


“අපි හොඳට කරන දවසට ඕනිම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්“
චමරි දැඬි විශ්වාසයෙන් පැවසුවා.
නවසීලන්තය,ඔස්ට්‍රේලියාව,ඉන්දියාව සහ පකිස්තානය සිටින සිය කාණ්ඩයේ ප්‍රබලත්වය ගැන රුමේෂ් රත්නායක කතා කළේ සතුටෙන්.එය හොඳම විදිහට කරන්න ලැබුණු උත්තේජනයක් වැනි අදහසක් තමයි රුමේෂ් ගෙ අරමුණ වුණේ.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් හී වත්මන් කාලයේ ලෙක්ම් ධූරය හොබවන ක්‍රීශාන්ත කපුවත්ත වෙත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට වැඩි පරාජයක් හිමි කර දුන්,බංගලාදේශ ඒ කණ්ඩායම සමඟ පැවති තරගය ගැන ද විමසීමක් කෙරුණා.එහිදී කපුවත්තයන් පෙන්වා දුන්නේ අප වෙඉ් අඩවියද පෙන්වා දුන් පරිදි බංගලාදේශ ඒ කණ්ඩායම ලෙස ක්‍රියා කළේ ජාතික මට්ටමේ විශාල අත්දැකීම් ඇති මේ මොහොතේත් ජාතික කණ්ඩායම නියෝජනය කරන බහුතරයක් සිටින කණ්ඩායම නිසා අත්දැකීම් අඩු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අසීරු වූ බවය.


මෑත කාලයේ ලෝක අවධානයට පත් වූ පන්දු යවන්නියක් වූ ඉනෝකා රණවීරගේ අත්දැකීම් ද මෙවර ලෝක කුසලානයට යොදා ගන්නට ශ්‍රී ලංකාව කල්පනා කර තිබෙනවා.ජ්‍යේෂ්ඨ ඇය වගේම ස්ථා කිහිපයක ප්‍රවීනත්වයේ සිට නවකත්ය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පොකුරු ගස්වා තිබීම අතිශයින් වැදගත් කරුණක්.ඉනෝකා වැන්නන් මෙන්ම තවමත් 15 හැවිරිද් ශෂින් ගිම්හානි දක්වා පරම්පරා ස්ථර කිහිපයක ක්‍රීඩිකාවන්ගේන පිරී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලිය අභියෝගයක් වීම ඇරඹෙන්නේම මුල් වටයේ සිට හමුවන කණ්ඩායම් නිසයි.


එහෙත් අප විශ්වාස කරන්නේ චමරි කී ආකාරයයි.
හොඳටම කරන දවසට අපිට ඕනි කණ්ඩායමක් පරද්දන්න පුළුවන්.
ඇයගේ අදහසට අපි ද එකඟ වෙමු.තරගාවලියට සහභාගි වන කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න වැනි පිතිකාරිණියන් පහසු නැති බව ලොවම දන්නේය.එපමණක්ම නොවේ.නිලක්ෂි සිල්වා,හසිනි පෙරේරා,කවීශා දිල්හාරි ඕනෑම මොහොතක පන්දු යවන්නියන්ව බියට පත් කළ හැකි ප්‍රහාරිකාවන්ය.


ඉනෝෂි ප්‍රනාන්දු වගේම නැවත කණ්ඩායමට පැමිණ තිබෙන ඉනෝකා රණවීර,කවීශා දිල්හාරි ගේ දග කැවීම ද,කුඩා වුව ඕනෑම මොහොතක පන්දු යැවීමේ ස්වරූපයෙන් මෙන්ම ක්‍රීඩා කෞශල්‍යෙයන් ද ප්‍රබල,ලාබාල ශෂිනි ගිම්හානි මෙන්ම අමා කාංචනා,උදේශිකා ප්‍රබෝධනි ද පන්දුවෙන් එල්ල කරන තර්ජනයද සුළු නැත.
ඉතිං අපි සුබ පතන අතරේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආගමික වතාවත්වලට සහ්භාගි වූ මොහොතත්,මාධය හමු වූ අවස්ථාවත් ආවරණය වූ රූපමය සටහන් මීට ඇතුළත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...