වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත ඉදිකිරීමට රජය කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඊයේ (21) අදාළ ඉදිකිරිම වෙනුවෙන් මුල්ගල් තැබීම සිදුවිය.

රුපියල් මිලියන 6900ක අයෝජනයකින් ඉදිවන මෙම කර්මාන්තශාලාව මාස 30කින් ඉදිකිරීමට නියමිත අතර මෙම කර්මාන්තශාලාවේ මඟින් දේශීය වෙළඳපොළ ඉල්ලීම සංතෘප්ත කිරීම සඳහා පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් (PAC) සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ල (HCL) නිෂ්පාදනය කිරීමට නියමිතයි.

මෙම සමාරම්භක අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම්, මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, සී/ස පරන්තන් රසායනික සමාගමේ සභාපති සදානන්දන් නෙසරාජන් ඇතුළු රාජ්‍ය නිළධාරින් සහ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගී විය.

උතුරු පළාතේ පැවැති යුදමය වාර්තාවරණය නිසා 1985දී එම රසායනික කර්මාන්තශාලාව වසා දැමීය.

1950 දශකයේ ආරම්භ කරන ලද ආරම්භක කර්මාන්තශාලා අතර, පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව 1954 දී උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන් හි රජයේ රසායනික කර්මාන්ත ශාලාව ලෙස ආරම්භ කරන ලදී.

මෙම කර්මාන්ත ශාලාව 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත මගින් 1957 දී පරන්තන් රසායනික සංස්ථාව යන නාමය යටතේ ගෙන එන ලද අතර 1985 වර්ෂයේ වසා දැමීමට පෙර මෙම කර්මාන්තශාලාව දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් කෝස්ටික් සෝඩා, ද්‍රව ක්ලෝරීන් ප්‍රධාන නිෂ්පාදන ලෙස සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සින්ක් ක්ලෝරයිඩ් සහ මේස ලුණු අතුරු නිෂ්පාදන ලෙස නිෂ්පාදනය කර තිබේ.

1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ රජය සතු ව්‍යාපාර ආයතනයක් රාජ්‍ය සමාගම් පනතට පරිවර්තනය කිරීම යටතේ 1991 ජනවාරි 17 වන දින පොදු සීමිත වගකීම් සමාගමක් ලෙස පරන්තන් කෙමිකල්ස් සමාගම සංස්ථාගත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...