ක්‍රීඩාව අගමැතිණිය යටතට

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 24, (LNW) කොළඹ :

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරි කාලය සඳහා පත් කරන ලද නව කැබිනට් මණ්ඩලයේ ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරිය ලෙස නම් කර ඇත්තේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියයි.ඊට අමතරව අධිකරණ,රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් පාලන සහ පළාත් සභා සහ කම්කරු අමාත්‍යංශයන්හී අමාත්‍ය ධූරත්,කාන්තා,ළමා සහ තරුණ කටයුතු,වෙළද,වානිජ,ආහාර සුරක්ෂිතතා,සමූපකාර සංවර්ධන,කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන යන විෂයන්ට සහ සෞඛ්‍ය විෂයට අදාළව අමාත්‍ය ධූරත් හරිනි අමරසූරිය විසින් දරන්නට නියමිතය.


දැනටමත් ක්‍රීඩා කිහිපයක බලය නිසි පරිදි ක්‍රීඩාවනට අදාළ පරිපානයන් ස්ථාපිත නොකර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී අතර රගර් වැනි ක්‍රීඩාවන් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයටද අවනත නොවී,ඒම කේෂ්ත්‍රයට සම්බන්ධ පිරිසකගේ උවමනාවන්ට අනුව රටේ ක්‍රීඩාවේ අවශ්‍යයතාව ද්විතියක කොට දැනට පවතින ව්‍යවස්ථාව මත පිහිටා කටයුතු නොකර ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒ්මට උත්සාහ කරමින් සිටියි.


ඒවැනි වාතාවරණයක රටේ අග්‍රාමාත්‍යවරිය ක්‍රීඩා විෂය භාර ගැනීම සහ ඒය ඇයට භාර දීමෙන්, ක්‍රීඩාව සම්බන්ධයෙන් කුඩා කැබිනට් මණ්ඩලය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවක් පෙනෙන්නට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...