ජ.වි.පෙ. නිර්මාණය වෙන්නෙම ආඥාදායක වර්ගයේ දේශපාලන ව්‍යාපාරයක් විදියට. ඒකට හේතුව ජ.වි.පෙ. සම්භවය වුන කොමිනිස්ට් දෘෂ්ටිවාදය. 88 – 89 දී විත්තිකරු නැතිව ඒකපාර්ශ්විකවම තීන්දුව අරන් මරණ වරෙන්තුව නිකුත්කරන සංස්කෘතිය හැදුනෙත් එතනින්..
මේ මොහොතේ පවා “අපි විතරයි ප්‍රශ්න අහන්නේ, අපෙන් ප්‍රශ්න අහන්ට තහනම්” දෘෂ්ටිවාදය එන්නේ එතනින්..
පොදුවේ ගත්තම ජ.වි.පෙ. වගේ ව්‍යාපාර බිහිවෙන්නෙත් බලය කරා පියමං කරන්නෙත් පීඩිතම පන්තියේ ව්‍යාපාර විදියට. ඒවගේම ඔවුන්ගේ සියළු යැපුම් මාර්ග රිසෝසස් හොයාගන්නෙත් රටේ පීඩිත කොටස්වලින්, නමුත් මේ වර්ගෙ බලවේගයකට රාජ්‍ය බලය සහ දේපොල සම්මුඛ උනාම ඔවුගේ පැරණි සරළ දිවි පැවැත්ම ටිකෙන් ටික දියවෙලා ගිහින් අමුතුම ධනපතියො විශේෂයක් බිහිවෙනව.
ඊළඟට ඔවුන් අප්‍රායෝගික සමාජවාදී ආර්ථික දෘෂ්ටිය සහ යථාර්ථයේ පවතින ධනවාදී ආර්ථිකය අතර දෝලනය වෙමින් සියල්ල අනාගන්නවා.
ඊලඟට රටේ ආර්ථික ක්‍රියාවලියේදී සියල්ල අසමත් වෙලා ඒකෙ ඵලයක් විදියට රට තුල මහජන විරෝධය ගලන්ට පටන්ගත්තම අර පරණ සරළ කෑල්ල හැලිලා ආඥාදායක කෑල්ල විතරක් එළියට එනවා..
ඒවගේ වෙලාවල ආන්ඩුවට පිටින් රට තුළ සිදුවන ප්රජාතන්ත්රවාදී සාකච්චාවන් පළල් වෙන්ට ඕන..
එහෙම නැතිව අන්තිම වෙනකලුත් නායකයන්ට කෙහෙල්කැන් කපකපා දෙන කොමිනිස්ට් වහල්ලු රටේ වැඩි උනොත් තත්වය තව තව වර්ස් වෙන්න පුලුවන් ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
