13 හැවිරිදි සිසුවෙකුට පහරදී ඇසක් තුවාල කළ ගුරුවරිය ඇප මත නිදහස් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

13 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදී ඔහුගේ ඇසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කොටහේන පොලීසිය විසින් අත් අඩංගුවට ගත් ගුරුවරියක් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියම කර තිබේ.

මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.

සැකකාර ගුරුවරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කොටහේන පොලීසිය ප්‍රකාශ කර තිබුණේ එම ගුරුවරිය පාසලේ පුස්තකාල කාමරය තුළදී අදාළ සිසුවාගෙන් ප්‍රශ්නයක් විමසා ඇති බවත් ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු නොදීම හේතුවෙන් ඇය කෝපයට පත්වී තමන් අතේ තිබූ ඇලුමීනියම් අඩිරූලකින් ඔහුට දමාගසා ඇති බවත් ය.

එම ඇලුමීනියම් අඩිරූල සිසුවාගේ දකුණු ඇසේ වැදී තුවාල වී ඇති අතර එම සිසුවා කොළඹ ජාතික අක්ෂි රෝහලේ 11 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් පොලීසියට අධිකරණයට දැනුම් දී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...