13 හැවිරිදි සිසුවෙකුට පහරදී ඇසක් තුවාල කළ ගුරුවරිය ඇප මත නිදහස් !

0
108

සටහන – රුවන් නෙළුගොල්ල

13 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදී ඔහුගේ ඇසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කොටහේන පොලීසිය විසින් අත් අඩංගුවට ගත් ගුරුවරියක් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියම කර තිබේ.

මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.

සැකකාර ගුරුවරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කොටහේන පොලීසිය ප්‍රකාශ කර තිබුණේ එම ගුරුවරිය පාසලේ පුස්තකාල කාමරය තුළදී අදාළ සිසුවාගෙන් ප්‍රශ්නයක් විමසා ඇති බවත් ඔහු එම ප්‍රශ්නයට පිළිතුරු නොදීම හේතුවෙන් ඇය කෝපයට පත්වී තමන් අතේ තිබූ ඇලුමීනියම් අඩිරූලකින් ඔහුට දමාගසා ඇති බවත් ය.

එම ඇලුමීනියම් අඩිරූල සිසුවාගේ දකුණු ඇසේ වැදී තුවාල වී ඇති අතර එම සිසුවා කොළඹ ජාතික අක්ෂි රෝහලේ 11 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් පොලීසියට අධිකරණයට දැනුම් දී තිබිණි.