තායිවානයට බලපෑ ටයිෆූන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 124 දෙනෙකු අතුරුදන්

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තයිවානයට බලපාන ලද ටයිෆූන් රාගසා දැවැන්ත සුළි කුනාටුව හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් 124 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ටයිෆූන් රාගසා දකුණු චීන මුහුද හරහා බටහිර දෙසට ගමන් කරන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර 195 ක් වේ.

මෙම සුළි කුණාටුවේ බලපෑම හොංකොං සහ දකුණු චීනයේ ද දක්නට ලැබෙන අතර චීන බලධාරීන්ට අවම වශයෙන් නගර 10 ක පාසල් සහ ව්‍යාපාර වසා දමා ෂෙන්සෙන් ප්‍රදේශයේ පුද්ගලයන් 40,0000 ක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

හොංකොං එහි ඉහළම ටයිෆූන් අනතුරු ඇඟවීම නිවේදනය කර ඇති අතර ඊයේ(23) සවස සිට ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර කැතේ පැසිෆික් සඳහන් කර තිබුණේ, එහි ගුවන් ගමන් 500 කට වඩා අවලංගු කිරීමට නියමිත බවයි.

දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් ලෝකය උණුසුම් වන විට කුණාටු වඩාත් බලවත් වෙමින් පවතින බව විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතකට කරන්න පුලුවන් අරුමය!

සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW): ලොව පුරා නගර...

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : හිටපු අමාත්‍ය මහින්ද...

රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹේ!

කොළඹ LNW:රාජ්‍ය නාට්‍ය උළෙල අද (10) ආරම්භ වෙයි. ඒ අනුව...

සුරතාවය කිරිගිස්තානයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: අවුරුදු 19 පහළ මධ්‍යම...