මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි –  පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24 කොළඹ LNW :

2025 වසරේ මේ දක්වා සිදු කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17,648ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙන බව වාර්තා වන අතර, හෙරොයින්, අයිස්, හෂීස්, කොකේන් සහ ගංජා යන මත්ද්‍රව්‍ය ඒ අතරට අයත් වේ.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1,243ක්. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,845ක් ද මේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බවද පැවසේ. ගංජා තොගය කිලෝ ග්‍රෑම් 14,000කට අධිකව අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් අංශ කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ ක්‍රියාත්මක බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේ, තංගල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය පිරවූ ලොරි රථ දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.

දකුණේ සිදු වන මත්ද්‍රව්‍ය ජාලයට පොලිස් නිලධාරීන් සම්බන්ධ දැයි සැක පළ කරන බව, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...