13 හැවිරිදි හසාරාට ජාතික දුනු විදීමේ සූරතාවයක්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 24, කොළඹ LNW:

2025 ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 19 වන දින සිට 21 වන දින දක්වා කටුනායක BOI ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර එහිදී කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නැගී එන ක්‍රීඩා තරුවක් වන 13 හැවිරිදි හසාරා නානායක්කාර ක්‍රීඩිකාව මීටර් 70 ‘විවෘත Recurve’ ඉසව්වේ රන් පදක්කම හිමිකරගන්නා ලදී.

ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ දිවයින පුරා පිහිටි දක්ෂ දුනු විදීමේ ක්‍රීඩා සමාජවල පළපුරුදු ක්‍රීඩකයින්ට එරෙහිව ක්‍රීඩාවේ විශිෂ්ටත්වය සහ සිය කුසලතා හා හැකියාවන් විදහා දක්වමින් ‘විවෘත Recurve’ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමත් සමග ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමිකරගත් ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ තම නම සටහන් කිරීමට සමත් විය. ඇය ලබාගත් මෙම සුවිශේෂි ජයග්‍රහණය ශ්‍රී ලංකා දුනු විදීමේ ක්‍රීඩාව නව මාවතකට රැගෙන යාමේ මූලික පියවරක් ලෙස සැලකිය හැක.

මෙම ජයග්‍රහණය ඇයගේ පෞද්ගලික ජීවිතයට පමණක් නොව, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට සහ සමස්ථ දුනු විදීමේ‍ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල ගෞරවයක් සහ සාඩම්බර මොහොතක් බවට පත් විය. ඒ, මෙම ජයග්‍රහණය නවක ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමකට රැගෙන යාමට ශක්තිය සහ උද්යෝගය ලබාදෙන වටිනා පියවරක් වනු ඇති බැවිනි

මෙම සාර්ථක ඡයග්‍රහණය ලබා ගැනීම සඳහා පුහුණුකරුවන් වන ධර්මසේන මහතා සහ ඉඳුනිල් පුස්සැල්ල මහත්මියගේ නොසැලෙන මඟ පෙන්වීම හා විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මියගේ දිරිගැන්වීම මහත් පිටුවහලක් විය.අනාගතයේදී හසාරා නානායක්කාර ක්‍රීඩිකාව ඇයගේ ක්‍රීඩා කුසලතා තවදුරටත් උසස් මානයකට රැගෙන යමින්, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් මාතෘ භූමිය රනින් බබළවනු ඇති බව නොඅනුමානය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...