ස්වෛරී බැඳුම්කර නඩුව ඉවත දමන්න – රජය නිව්යෝක් අධිකරණයෙන් ඉල්ලයි

Date:

ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇමරිකානු බැංකුවක් ගොනුකර ඇති නඩුව ඉවත දමන්නැයි ශ්‍රී ලංකාව ඇමරිකාවේ නිව්යෝක් ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඇමරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව මෙම නඩුව පවරා තිබෙනවා.

හැමිල්ටන් රිසර්ව් බැංකුව මෙරට මහ බැංකුවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ආයෝජනය කර තිබෙනවා. ඉකුත් ජුලි මාසයේදී අදාල ස්වෛරී බැඳුම්කර කල්පිරුණු නමුත් ඇමරිකානු බැංකුව ආයෝජනය කළ මුදල සහ ඊට අදාල පොලිය ගෙවීමට මහ බැංකුව අසමත් විය. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව විදෙස් රටවල් ලබාගෙන තිබෙන ණය සඳහා වන වාරික ගෙවීම සහ කල්පිරුණු බැඳුම්කර ආපසු පියවීම තාවකාලික අත්හිටුවා තිබේ.

හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව නිව්යෝක් ෆෙඩරල් උසාවියේ නඩුවක් ගොනුකළ අතර බැංකුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ කල් පිරුණු බැඳුම්කරවලට අදාල මුදල් සහ පොලිය එකවර ගෙවන ලෙසයි.

ශ්‍රී ලංකා බළධාරීන් නිව්යෝක් ෆෙඩරල් අධිකරණ හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින රාජ්‍යයකට එරෙහිව මෙම නඩුව පවරා ඇති බවයි. සියලු ණය ගෙවීම් අත්හිටුවා තිබියදී එක් පාර්ශ්වයක් පමණක් මෙසේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හරහා ඔවුන් අනෙකුත් ණයහිමියන්ට වඩා විශේෂ සැළකිල්ලක් බලාපොරොත්තු වන්නේ යැයි පෙනී යන බැවින් මෙම නඩුව ඉවත දමන ලෙස ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...