*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ආර්ථික ඝාතකයා – ආචාර්ය නන්දලාල් වීරසිංහ

කොවිඩ් යුගයෙන් පසු ඇතිවූ ආර්ථික අර්බුදයේ දිග පළල සහ දිශානතිය දෙස බලන විට පෙනී යන්නේ වත්මන් ශ්‍රී ලංකාව ආර්ථික ඝාතකයකුගේ උගුලට හසුව ඇති බවය. 2019 නොවැම්බර් මස 16 බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වූයේ මෙම ණය බරය. 2014 වන විට ණය සේවාකරණය (debt servicing) සදහා අවශ්‍ය වූ මුදල ඩොලර් බිලියන දෙකක් වන විට 2019 වසරේදී එම මුදල තුන් ගුණයකින් ඉහළ යන්නේ ඩොලර් බිලියන හයක් බවට පත්වෙමිනි. ණය උගුලේ ‘තාප්පයටම හේත්තුවිමෙන්’ පසු ශ්‍රී ලංකාව අත, විසදුම් දෙකක් තිබුණි. එක් විසදුමක් වූයේ දැඩි අසීරුතා මධ්‍යයයේ වුවද, නියමිත ණය වාරිකය ගෙවා දමමින් රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑමය.

මෙය දැඩි පීඩන ගෙන දෙන ක්‍රමවේදයක් ලෙස පෙනී ගියද, ආනයන සිමා කිරීම් ආදී ජනප්‍රිය නොවන ආකාරයේ භාවිතයන් ඔස්සේ ණය වාරිකය ගෙවා දැමීම සදහා විවිධාකාර වූ උපාය මාර්ග සෙවිය හැකිව තිබුණි. මෙම ක්‍රමවේදය 2022 අප්‍රේල් 12 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව අනුගමනය කළේය. එය ශ්‍රී ලංකා මහ බැංකුව අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු ක්‍රමවේදය ද විය. ඒ මිසක අන් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නෛතික අයිතියක් මහ බැංකුව සතු නොවීය.

ඊලග ක්‍රමවේදය වූයේ ණය වාරික නොගෙවා, ඒක පාර්ශික ආකාරයෙන් කඩ කිරීමය. මෙය රට බංකොලොත් තත්ත්වයක් ප්‍රකාශ කිරීම ලෙස සැලකේ. එවැනි බරපතල ගණයේ තීන්දුවක් නිලධාරියෙකුට තබා ජනාධිපතිවරයා වෙත හෝ තනි මතයට ගත නොහැකිය. ඒ සදහා වෙනම නෛතික තත්ත්වයක් ඇති අතර, අත්‍යවශයෙන්ම මේ සදහා කැබිනට් අනුමැතිය සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතුය.

සුමට පැහැර හැරීම soft default

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සොෆ්ට් ඩිෆෝල්ට් යන වචනය භාවිතා කරමින් ලෝක ආර්ථිකයේ නොමැති ණය පැහැර හැරීමේ අවස්ථාවක්, ශ්‍රී ලංකාව විෂයෙහි සලකා බලන්නේ මෙම අවස්ථාවේදීය. ඒ සදහා ඔහුට උපදෙස් ලබා දෙනුයේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ මහාචාර්ය ශාන්තා දේවරාජන් යන දෙදෙනාය. සුම් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වෙමින් මෙම දෙදෙනා ජනාධිපතිවරයා වෙත සුමට ණය පැහැර හැරීමක් සදහා ශ්‍රී ලංකාව යොමු කිරීමට උපදෙස් දෙන විට ද ශ්‍රී ලංකා මහ බැංකුව නියමිත වාරික ගෙවමින්, සිය කාර්යය ඉටු කරමින් සිටියේය. මුදල් අමාත්‍යාංශය ද අනු දැන සිටියේ, මහ බැංකුවේ පිළිවෙත නිවැරදි බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එකම උපදේශක බවට පත්ව සිටි, මිලින්ද මොරගොඩගේ සම්බන්ධීකරණය අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය සදහා උපදෙස් ලබා දීමට පත්ව සිටි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ මහාචාර්ය ශාන්ත දේවරාජන් පිළිබදව ද මෙහිදී සලකා බැලීම අවශ්‍යයය.

යහපාලන රජය සමයේ මහ බැංකු අධිපති ලෙස ක්‍රියාකළ ආචාර්ය කුමාරස්වාමි ශ්‍රී ලංකාව වත්මන් ණය උගුල සදහා මෙහෙයවූ ප්‍රමුඛයකි. එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල මුල්‍ය ආධාරකරුවෙකු වූ සහ එක්සත් ජනපද අධිකරණය විසින් 2011 වසරේදී අභ්‍යන්තර වෙළඳාමේදී මහජනයාට අනාවරණය නොකළ තොරතුරු භාවිතා කොට ලාභ ලැබීම සම්බන්ධයෙන් වැරැදිකරු වී සිරගතව සිටින රාජ් රාජරත්නම්ගේ ගැලියන් සමාගමේ උපදේශකයෙකු වූ ආචාර්ය කුමාරස්වාමි, ECTA ගිවිසුම සදහා ඉන්දීය පාර්ශ්වයේ නියෝජිතයෙකු ලෙස ද ක්‍රියා කරන ලද්දේ මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් කල්ලියේ සගයෙකු ලෙසය.

මහාචාර්ය දේවරාජන් වැනි ලෝක බැංකු උපදේශක පට්ටම් දැරූ පිරිස්ද වටකර රට බංකොලොත් කිරීමේ පළමු පියවර ලෙස, තනි තීරණය අනුව ණය නොගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් කරගෙන සිටියේය. ඒ අනුව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ මහාචාර්ය ශාන්තා දේවරාජන්ගේ යෝජනාව වූයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ පත් කළ යුතු බවය. ඒ අනුව ආචාර්ය වීරසිංහ 2022 අප්‍රේල් හත් වෙනිදා නව අධිපති ලෙස පත්වූ අතර, නව අධිපතිවරයාගේ තනි තීරණය ආනුව අප්‍රේල් 12 වෙනිදා, වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ස්වෛරී විදේශ ණය ගෙවීම පැහැර හැරීම සදහා තීරණය කළේය. ශ්‍රී ලංකාව සදහා බංකොලොත් යන විශේෂණය එකතු කිරීම සදහා අවශ්‍ය වටපිටාව සදහා වන බලපෑම, ඒ වන විටත් විදේශ ආධාර ලැබෙන රාජ්‍ය නොවන සංවිධාන සිදු කරමින් සිටි අතර, එසේ වෙද්දී පවා, ශ්‍රී ලංකාව සිය ආර්ථික ස්වෛරීත්වය වෙනුවෙන් ක්‍රියා කළේය. තත්ත්වය මෙසේ තිබියදී, රටේ ආර්ථික ස්වෛරීත්වය නීති විරෝධී ආකාරයෙන් පාවා දෙනු ලැබුවේ ආචාර්ය වීරසිංහ විසිනි. ඒ සමගම ශ්‍රී ලංකා ආර්ථිකයේ බල කේන්ද්‍රය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වටා ගොනු වන්නට පටන් ගත්තේය. මේ අනුව ආර්ථික ඝාතනය සදහා අත්‍යවශ්‍ය පියවර තබන ලද්දේ ආචාර්ය වීරසිංහ බව මගේ වැටහීමය.

ශ්‍රී ලංකාව බංකොලොත් බවට ප්‍රකාශයට පත් කළේ කාගේ අවසරයකින් දැයි වහාම හෙලිදරව් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා ප්‍රශ්න කරන ලද්දේ අප්‍රේල් 29 වෙනිදාය.

රට බංකොලොත් යැයි සලකා ක්‍රියා කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නාද? මුදල් අමාත්‍යංශය සහ මුදල් ඇමතිවරයා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නාද? පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දුන්නාද?යන කාරණා අධ්‍යයනය කර රටට කරුණු කීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම වගකීම බව ද එජාප සභාපති ලෙස ඔහු ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඉතා කණගාටුදායක තත්වයකට පත්ව තිබෙන අතර රට එම තත්ත්වයට පත්වුණේ ණය නොගෙවා හැරීම නිසා බව ප්‍රකාශ කළ අබේවර්ධනගේ ප්‍රකාශය සදහා, හැමදේටම පිළිතුරු ලබාදෙන මහ බැංකුව පිළිතුරු ලබා දුන්නේ නැත. මේ පිළිබදව වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාව බංකොලොත් දැයි ප්‍රකාශ කළ අය කර තිබෙන්නේ නීති විරෝධී ක්‍රියාවක් බවත්, පාර්ලිමේන්තුව මූල්‍ය පාලනය අතහැර වෙනත් අයට භාර දී ඇතත් නීතියෙන් මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට හෙයින්, රට බංකොලොත් යයි ප‍්‍රකාශ කිරීම බලයක් නැති ක්‍රියාවලියක් බවත් ඒ ගැන වත්මන් ජනාධිපතිවරයා මන්ත්‍රීවරයකුව සිටිය දී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලද බවත් ඔහු පැවසීය. රට බංකොලොත් කිරීමේ බලය මුදල් අමාත්‍යාංශයට හෝ මහ බංකුවට නැතැයිද පැවසූ ඔහු, බලයක් නොමැති දෙයක් කළ විට සියලු දෙනා නිහඬව සිටින බවත් කියා සිටියේය. රට බංකොලොත් බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් නොදැනුවත්ව වෙන කණ්ඩායම විසින් බවත් පැවසූ ඔහු නමුත් එහි වරද පාර්ලිමේන්තුව පිට පටවා ඇති බව කියා පැවසීය. එනිසා රට බංකොලොත් කිරීම ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලා සිටීම පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ වගකීමක් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මෙය අතිශය දරුණු ගණයේ පාවාදීමක් වන්නා සේම, බරපතල ගණයේ වරදකි. ඒ සදහා ප්‍රධාන වගකිව යුත්තා වන්නේ ආචාර්ය වීරසිංහය.

ණය නොගෙවීමේ තීන්දුව සමග ශ්‍රී ලංකාවට සිදු වූයේ, සිය සම්පුර්ණ ආර්ථික ක්‍රියාවලිය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මත යැපෙන ස්ථාවරයක් සදහා යොමුවීමටය. මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පිළිබදව සාකච්ඡා සදහා සහභාගී වන සහ ඒ සදහා අවශ්‍ය ශ්‍රී ලංකා පිළිවෙත සැකසීමේ ප්‍රධානියා බවට පත්ව සිටින්නේ ද ආචාර්ය වීරසිංහය. ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස සේවය කළේය. වසර දෙකක් සදහා අන් අය වෙත හිමිවන මුල්‍ය අරමුදලේ සේවය කිරීමේ අවස්ථා සදහා ආචාර්ය වීරසිංහ සදහා වෙත වසර තුනක් ලැබීම හේතුවෙන් ඔහු වෙත මුල්‍ය අරමුදල ලබාදෙන සුපිරි විශ්‍රාම වැටුප ලබාගැනීමේ අවස්ථාව උදාවිය. ඒ අනුව ආචාර්ය වීරසිංහ දැන් මුල්‍ය අරමුදලේ විශ්‍රාමිකයෙකි. එවන් බැදීමක් මුල්‍ය අරමුදල සමග ඇති ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමේ සදාචාරය කුමක්ද…? එක් අතකින් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මත අසරණ කරවූ ණය නොගෙවීමේ තීන්දුවය; අනෙක් අතින් මුල්‍ය අරමුදලේ ප්‍රතිලාභ ලබන්නෙකු ලෙස සිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්‍ය අරමුදලේ සාකච්ඡාකරුවා වීමය.

ආචාර්ය වීරසිංහ සදහා මෙම හැකියාව ලබාදෙනුයේ මිලින්ද මොරගොඩගේ රූකඩය වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව සැබෑය. එසේ වුවත් අවසානයේ පිහියෙන් අනින ලද්දේ ආචාර්ය වීරසිංහ හේතුවෙන් මෙම ආර්ථික ඝාතනයේ වැඩි බර ඔහු වෙත තබමි.

ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය නම් ග්‍රන්ථය රචනා කරන ලද, ජෝන් පර්කින්ස් තුර්කිය වෙත ලබා දුන් අවවාදයක් මෙසේය. .

“තුර්කිය වැනි නැඟී එන ආර්ථිකයන් ඉලක්ක කර ගනිමින් ආර්ථික ඝාතකයින් සිටින බවට මට සැකයක් නැත. මේ දිනවල ඔවුන් එක්සත් ජනපදයේ පමණක් නොව විවිධ ආණ්ඩු සඳහා වැඩ කරයි. ඔවුන් සෑම ප්‍රධාන සංස්ථාවකම පාහේ සේවය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඈත්ව සිටීමට මම තුර්කිය දිරිමත් කරමි. අද තවත් බොහෝ විකල්ප තිබේ, තුර්කියට වඩා හොඳ ගනුදෙනු කිරීමට බොහෝ විකල්ප ඇත. වැඩි විදේශ ණය වළක්වා ගැනීමට හැකි සෑම දෙයක්ම කළ යුතුය. තුර්කිය වැනි රටවල් අනිවාර්යයෙන්ම රුසියාව, චීනය, ගල්ෆ් රටවල් යනාදිය සමඟ සාකච්ඡා කළ යුතුය.”

ආචාර්ය වීරසිංහ, ඒ සියලු මං ශ්‍රී ලංකාව වෙත අහුරා අවසන්ය. ඒ වෙනුවට දින දින කල් යන මුල්‍ය අරමුදල් විසදුමක් සොයමින් ශ්‍රී ලංකාව තවමත් නනන්නත්තාර වෙමින් පවතියි.

  • මනෝජ් අබයදීර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan