මේක නෙමෙයි ජීවිතේ  – ඒක තමයි සින්දුව

Date:

සින්දුවක් වගේ ඇහුණට සින්දුවක් නොවේ මේක. තාලයක් තිබුණට මිහිරක් නැහැ එතන. Baltimoraටත් අහම්බෙන් අහන්න දකින්න ලැබුණ වැඩක් උනාට මේ වගේ වැඩ අහම්බෙන් අහල දැකලා හරියන්නෑ. මාස් ඕඩියන්ස් එක විශේෂයෙන් ශ්‍රී ලංකන්ස්ලා දකින්නම ඕන දෙයක් මේක.

දැනගන්න ලැබුණ විදියට හුඟ කාලෙකට කලික් කරපු වැඩක් උනාට විශුවල් එකක් එක්ක යූටියුබ්ගත වෙන්නෙ ඉතා මෑතකදීයි. සරත් කරුණාරත්න කියලා ඇක්ටර් කෙනෙක් අහලා ඇති. පොර තමා සින්දුව ලියන්නෙ. කියන්නෙත් පොර. ඒත් තනියම නෙවේ. මියුසික් කරපු තිලන්ක ගමගේ කියලා හාදයෙකුත් එක්ක. සින්දුවේ නම “මේක නෙමෙයි ජීවිතේ”. වෝන්ටඩ් සංගීත කණ්ඩායමේ ක්‍රියේශන් එකක් විදියට එළියට ආව විරෝධාකල්ප ගීතයක්.

විරෝධාකල්ප ගීත කිව්වම අපේ සෝන්ග් හිස්ට්‍රි එකේ ගොඩක් සෝන්ග්ස් අපිට මතක් වෙනවා. Baltimoraට නම් කෙළින්ම මතක් වෙන්නෙ ‘පවන’. ඒ දවස්වල ලොකු බ්ලාස්ට් එකක් කරපු සෝන්ග්ස් ටිකක් තමයි ඒ. සුනිල් ආරියරත්නගෙ ලිරික්ස් එක්ක නන්දාගෙ හඬ බ්ලෙන්ඩ් උනාම වෙනම ගතියක් ආව. හැබැයි ඒ ලිරික්ස් පැටන් එකයි මේ ලිරික්ස් පැටන් එකයි පැහැදිලිවම දෙකක්. ඒ දෙකෙන් මොඩර්න්ම එක මොකද්ද කියල කියනවට වඩා මේ මොහොත ඔෆෙන්ස් කරන්නෙ මොකද්ද කියන එකයි ඉම්පෝටන්ම කෑල්ල. මේකෙ විශුවල් එකත් වෙනම ආතල් එකක්. ආතල් කිව්වේ, ක්‍රියේටිවිටි.

” මේක නෙවෙයි ජීවිතේ – වෙනසක් නෑ දූපතේ… යතුර තියාගෙන අතේ – ඉන්නවා අපි හාමතේ” සෝන්ග් එක පටන් ගන්නෙ මෙහෙම කියාගෙන. එන්ට්‍රි විශුවල් එකේ පෙන්නන්නෙ ආටිස්ලා ගෲප් එක ඉන්සෘමන්ට් තියාගෙන කුණු කන්දක් ළඟ සින්ග් කරන වීව් එකක්. සෝන්ග් එකෙන් කතා කෙරෙන පොලිටිකල් ස්ටෝරිය විශුවලයිස් කරල තියෙනවා ආයෙ නෑ  නැති වෙන්ඩම. කුණු කන්දක් අස්සෙ ඉඳගෙන කට්ටිය සින්ග් කරන එකෙන්ම ඒක පේන්න ගන්නවා. කුණු ගඳක් දැනෙනවා කියලා උන්ගෙ මූණුවලින්  ඇඟ වෙන්නෙම නෑ. ස්ටේජ් පර්ෆෝමන්ස් එකක වගේ කිසිම ගානක් නැතුව උන් සින්ග් කරනවා. හරියටම අපිම තමයි. ඊට පස්සෙ ෆේස්බුක් ගිහින් ඒකී නොකී මෙකී දේවල් ශෙයා කර කර බුකියෙ අරගලකරුවො බවට පත් වෙනවා. ඊටත් පස්සෙ, ආයෙම බුකි ලෝකෙන් එළියට ඇවිත් කුණු ලෝකෙට බැහැලා හිනා වෙවී ගඳක් නෑ වගේ ඉඳගෙන ගඳ ගැනම සින්දු කියනවා. ඇත්තටම බැලුවොත් ගඳක් නෑ වගේ ඉන්න අපිට සිද්ධ වෙලා තියෙනවටත් වඩා අපි ඒකට හුරු වෙලා තියෙනවා. සමහරවිට හුරු කරවලා තියෙනවා. ‘උන්ගෙ ජීවිත එනි වේ- අපේ ජීවිත වන්වේ’ කියලා වෝන්ටඩ්ලට කෑගැහෙන්නෙ ඒකයි.

විශුවල් එක අන්තිමට අපිට පෙන්නවා, තවදුරටත් ෆේස්බුක් එක පාවිච්චි කරන්න බැරි වෙන විදියට රිස්ට්‍රික් කරපු බවක්. ඒ මොකද්ද ඒ කියන්නෙ? කතා දෙකක් නෑ ඒක තමයි මර්දනය. වර්චුවලි පටන් අරගෙන ෆිසිකලි වෙනකන් වර්ධනය වෙන මර්දනය. දැන් වෙන්නෙත් වෙන්න නියමිතව තියෙන්නෙත් ඒක.  දැන් සිටුවේශන් එක පොලිටිකලි වගේම සෝශලිත්  මේ ප්‍රඩක්ෂන් එකෙන් හරියටම කැප්චර් කරලා තියෙනවා කියලා ලෝස් නැතුව කියන්න පුළුවන්. රටක් ඇතුළ ඩැමේජ්  වෙන්න වෙන්න තමයි ඒ ප්‍රෙෂර් එක මිනිස්සුන්ගෙන් මේ විදියට එළියට එන්නෙ. අන්න ඒ අර්ථෙන් මේ ජාතියෙ සෝන්ග්ස් හැදේවා කියලා baltimoraට  සුබ පතන්න බෑ. බට් තේරෙන බාසාවකින් කරපු මේ මීනිග්ෆුල් වැඩේ වැලිව් එක ඉහළයි. ඒ කියන්නෙ බ්‍රෝ, උඹලා මේක බලන්නම ඕනේ කියන එකයි!

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...