පොහොර තහනමේ ප්‍රතිඵල එයි – තේ අපනයන ආදායමත් පහත වැටිලා !

Date:

මෙම වසරේ පළමු මාස 08 තුළ තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 825 ක් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා. පසුගිය වසරට සාපේක්ෂව අදාල කාලසීමාව තුළ ආදායම සැළකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇති බවියි එම ආයතනය පවසන්නේ.

පසුගිය වසරේ ජනවාරි – අගෝස්තු කාලසීමාව තුළ තේ අපනයනය කිරීමෙන් රටට හිමිව තිබෙන ආදායම ඇමරිකානු ‌ඩොලර් මිලියන 882 කි.

පොහොර හිගය, ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු අර්බුද කිහිපයක් හේතුවෙන් මෙසේ ආදායම පහත වැටී ඇති බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙන්නේ.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙරට තේ වගාවට සෘජුවම බලපෑ අතර කාබනික පොහොර භාවිතයෙන් වී ඇතුළු වෙනත් වගාවන් සිදුකළ හැකි නමුත් තේ වගාවට රසායනික පොහොර අත්‍යවශ්‍ය වේ. වසර එකහමාරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ රටේ බොහෝ ප්‍ර‌ේදශවල තේ වගාව සඳහා පොහොර භාවිතා කර නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...