*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

කාන්තාවකට තම සිරුරේ අයිතිය අහිමි කිරීමට බැහැලම වැඩකරන ඇරිසෝනා!

ගබ්සා තහනමට ඇරිසෝනාවේ රිපබ්ලිකන්වරු ද මෙසේ හුරේ තියති..

එක්සත් ජනපදයේ රෝ වී. වේඩ් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට කාන්තාවන් ඇතුළු බහුතරයක් දෙනා දශක පහක පමණ කාලයක් භුක්ති විඳි ගබ්සා කිරීමේ අයිතිය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කළේ ඉකුත් ජූනි මාසයේදී ය.

මෙම නියෝගය බොහෝ දෙනෙකුගේ බරපතල විවේචනයට තුඩුදුන් අතර, එය කාන්තාවකට තම සිරුරේ අයිතිය අහිමිකරන මානව විරෝධී නියෝගයක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මීට සමඟාමීව, ගබ්සා කිරීමේ අයිතිය අහිමි වීමේ බලපෑම එල්ලවන කාන්තාවන්, විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවන්, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා හිමිකම් ක්‍රියාධරයන් ඇතුළු බොහෝ පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට අවස්ථා ගණනාවකම විරෝධතා ව්‍යාපාර ද සංවිධානය කර තිබිණි.

කාන්තාවන්ගේ සිරුරේ අයිතිය අහිමි කිරීම පිළිබඳව අලුත්ම උණ ගසා ඇත්තේ එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයටයි. ඒ, එම ප්‍රාන්තය තුළ 1901 වර්ෂයේදී නිකුත් කරන ලද සියලු ගබ්සා තහනම් කරන [එහෙත් 1973 වර්ෂයේ යළි අවහිර කරන ලද] නීතියක් යළි බලාත්මක කිරීමට එම ප්‍රාන්තයේ පිමා කවුන්ටියේ ඉහළ අධිකරණ විනිසුරු කෙලී ජොන්සන් විසින් ලබා දුන් නියෝගයක් අනුවයි.

මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ ඇරිසෝනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් ගැති නීතිපතිවරයා විසින් යොමුකරන ලද ඉල්ලීමකට අනුව වන අතර, එම ඉල්ලීමේ දැක්වෙන්නේ, ඇරිසෝනා ප්‍රාන්තයේ ගබ්සා තහනම අවහිර කරමින් පනවා ඇති වාරණ නියෝගය ඉවත් කරමින් ගබ්සා තහනම යළි බලාත්මක කරන ලෙසයි.

කෙලී ජොන්සන් ඉහළ අධිකරණ විනිසුරුගේ නියෝගය අනුව, ඇරිසෝනා ප්‍රාන්තය තුළ මවකගේ ජීවිතය අවදානමේ පවතින විට බේරා ගැනීමේ අරමුණ හැරනු විට අනෙකුත් සියලු අවස්ථාවල ගබ්සා සිදුකිරීම තහනම් වනු ඇති.

ඇරිසෝනා ප්‍රාන්තය වෙත නිකුත් කෙරුනු මෙම නියෝගය හරහා එම ප්‍රාන්තය යළි වසර 150 ක අතීතයකට ඇදගෙන යන බවයි ගබ්සා හිමිකම් ඇතුළු ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හිමිකම් ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ.

ගබ්සා නීති සංශෝධනය පිළිබඳව එක්සත් ජනපදයේ ජනපති ජෝ බයිඩන් ද සිය දැඩි කළකිරීම ප්‍රකාශයට පත්කර ඇති අතර, මෙම තත්ත්වය නැවතීමට තමා සතු බලයෙන් හැකි උපරිම දේ කරන බව ද පවසා ඇත. එමෙන්ම, හණමිටි අදහස්වලට මුල්තැන දෙන රිපබ්ලිකන් පිටුබලය හිමි ඇතැම් ආයතන මීළඟට අර අදිනු ඇත්තේ සමරිසි විවාහය එක්සත් ජනපදයෙන් තුරන් කිරීමට විය හැකි බව ද ඇමරිකානු ජනපතිවරයා අනතුරු අඟවා තිබේ.

ගබ්සා තහනම හුදෙක් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා අයිතිවාසිකම් සංවාදයට සීමා නොවී එරට ඩිමොක්‍රටික් – රිපබ්ලිකන් ගැටුම දක්වා දිවගොස් තිබේ. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා අයිතිවාසිකම් වලට සෘජුව තම සහයෝගය ප්‍රකාශ කරන කොංග්‍රසයේ ඩිමොක්‍රටික් නියෝජිතයන් මෙම නීති සංශෝධනයට සිය දැඩි විරෝධය පළ කර තිබේ.

එහෙත් ගතානුගතික සහ දක්ෂිණාංශික මතධාරී රිපබ්ලිකන් පාර්ශවය මෙම තහනම බොහෝසෙයින් අගය කරනු ලබයි.

ඇරිසෝනා ප්‍රාන්තයට අමතරව, එක්සත් ජනපදය පුරා හරි අඩකට ආසන්න ප්‍රාන්ත සංඛ්‍යාවක් එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් අනතුරුව ගබ්සා තහනම බලාත්මක කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. මෙමඟින් ඩිමොක්‍රටික් පක්ෂයට හිමි බලය පිළිබඳ යම් තක්සේරුවක් ලබා ගත හැකි බව ඇතැම්හු විශ්වාස කරති.

ඡායාරූප: azcourthelp.org

ඉසුරු පරාක්‍රම | අවුට්බවුන්ඩ් ටුඩේ

සබැඳි ලිපි:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan