ගාල්ලේ වෙඩි තැබීමක්. ව්‍යාපාරිකයෙක් මරුට !

Date:

ගාල්ල ඩික්සන් මාවතේ ඊයේ (23) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී 07.30 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.

මෙයින් මියගොස් ඇත්තේ ගාල්ල නගරයේ රෙදිපිළි වෙළඳසලක් පවත්වාගෙන යන ලලිත් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකි.

ඔහු සිය ව්‍යාපාරික කටයුතු නිමවා තම මෝටර් රථයෙන් නිවසට යන අතරතුර ඩික්සන් පාරේ පාළු ස්ථානයකදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...