*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ණය ප්‍රතිව්‍යුහගතකරණය – අප කී දේ හා නොකී දේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැන් අවසන්. හරි වැරැද්ද, සාධාරණත්වය වගේ දේවල් මොනවා වුනත් මේ වෙද්දී ආණ්ඩුව සාර්ථක ලෙස වැඩේ අවසන් කරලා තියෙනවා. මේ හා අදාළව පසුගිය කාලය තුළ අප විසින් ලියා හෝ කියා ඇති දේවල් සහ එසේ ලියා හෝ කියා නැති දේවල් නැවත කෙටියෙන් මතක් කරන්නම්.

  • මේ හා අදාළව ප්‍රචාරය කෙරුණු ඇතැම් දේවල් පට්ටපල් බොරු. ඒ කියන්නේ කරුණුමය වැරදි. ණය හුවමාරුව සිදු කිරීමෙන් පසුවත් දිගින් දිගටම දදේනියෙන් 0.5%කට සමාන මුදලක් වාර්ෂිකව අරමුදලෙන් කපා ගන්නවා කියන එක එක උදාහරණයක්. අරමුදල ටිකෙන් ටික අඩු වෙලා යනවා කියන එක ඔය වගේම තවත් බොරුවක්. තව ඔය විදිහේ බොරු ගණනාවක් ප්‍රචාරය කෙරුණා. ඒ බොරු ප්‍රචාරය කළ අය එසේ කළේ කාගේ උවමනාවටද කියා මම දන්නේ නැහැ. නමුත් ඔය වගේ දේවල් ලෙලි නොගහා අමුවෙන්ම ගිලින අය තවමත් ඕනෑ තරම් ඉන්නවා.
  • අරමුදලේ වත්මන් අගය බාගයකින් පමණ (47%කින්) අඩු වෙනවා කියන එක ඉහත දේවල් වැනි පට්ටපල් බොරුවක් නෙමෙයි. මම හිතන විදිහට හදිසි වැඩිකමට සිදු වූ අත් වැරැද්දක් නිසා ඉදිරිපත් කළ වැරදි ඇස්තමේන්තුවක්. මේ ඇස්තමේන්තුව වැරදි වන්නේ එය සකස් කිරීමේදී කළ උපකල්පන වැරදි නිසා නෙමෙයි. එම උපකල්පන යටතේම වුවත් ඇස්තමේන්තුව වැරදියි. මේ බව අප විසින් විස්තර සහිතව හා අදාළ තාක්ෂණික කරුණුද සමඟ පැහැදිලි කර තිබෙනවා. කෙසේ වුවද, අත්වැරැද්දක් සේ සැලකිය හැකි මෙම වරද වෙනුවෙන් යමෙකු විසින් දිගින් දිගටම පෙනී සිටින්නේනම් එහි ප්‍රශ්නයක් තිබෙනවා.
  • මුල සිටම මෙන් අප විසින් දිගින් දිගටම කීවේ 47%ක පාඩුවක් කිසිසේත්ම සිදු නොවෙතත්, සේවක අර්ථසාධක අරමුදලට මෙම ණය හුවමාරුව නිසා යම් පාඩුවක් විය හැකි බවයි. මුලදී අපගේ දළ ඇස්තමේන්තුව වූයේ මෙම පාඩුව රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් විය හැකි බවයි. වෙළඳපොළ අර්පණ දත්ත ප්‍රකාශයට පත් වීමට පෙර අපගේ දළ ඇස්තමේන්තුව වූයේ හුවමාරු කරන බැඳුම්කර වල වටිනාකමෙන් 7%-15% පරාසයේ පාඩුවක් සිදු විය හැකි බවයි. රුපියල් වලින් කතා කළත්, ප්‍රතිශතයක් ලෙස කතා කළත්, අප මෙහිදී කතා කළේ අරමුදලේ වත්මන් අගය ක්ෂණිකව පහළ යාමේ ඉඩකඩ ගැනයි. මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබුණේ මෙම පාඩුව 5%ක් පමණ වනු ඇති බවයි.
  • හුවමාරුවෙන් පසුව මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ ද්වීතියික වෙළඳපොළ අර්පන මිල ගණන් අනුව හුවමාරුවට පෙර හා පසු ආයෝජන කළඹයන්හි වෙළඳපොළ වටිනාකම් පැවතුණේ ආසන්නව සමාන මට්ටමකයි. එයින් අදහස් වුනේ හුවමාරුවේදී රජයට ආපසු ලබා දුන් බැඳුම්කර වෙනුවෙන් ඊට ආසන්නව සමාන වටිනාකමක් තිබෙන වෙනත් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරුවට සහභාගී වූ අයට ලැබී ඇති බවයි. ඒ කියන්නේ එදින පැවති වෙළඳපොළ තත්ත්වයන් තුළ කිසිදු පාර්ශ්වයකට සැලකිය යුතු පාඩුවක් සිදුව නැති බවයි. වෙළඳපොළ වටිනාකම් සමාන වුවද, මෙම ආයෝජන කළඹ දෙකෙහි කල් පිරීමේ කාලයන් අසමාන නිසා ඵලදා අනුපාතික අතර වෙනස්කම් තිබිය හැකියි. සාමාන්‍ය මූලධර්මයක් ලෙස, අහම්බයකින් මිස ඵලදා වක්‍රයක් තිරස් රේඛාවක් නොවන නිසා වෙනස් කල් පිරීම් සහිත ආයෝජන කළඹ දෙකක ඵලදා අනුපාතික සමාන වන්නේ නැහැ. එය මේ විෂය පිළිබඳ මූලික දැනුමක් තිබෙන ඕනෑම කෙනෙකු දන්නා සාමාන්‍ය කරුණක්. ආයෝජන කළඹ දෙකෙහි සංරචක වල කල් පිරීමේ කාල ගැලපුවහොත් ඵලදා අනුපාතිකද ආසන්නව සමාන විය යුතුයි.
  • පැරණි ආයෝජන කළඹේ මෙන්ම අලුත් ආයෝජන කළඹේද වෙළඳපොල වටිනාකම තීරණය වන්නේ අනාගතය පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන් මතයි. යම් හෙයකින් අපේක්ෂිත අනාගත වෙළඳපොළ පොලී අනුපාතික දැනට අපේක්ෂිත මට්ටමට වඩා පහළ ගියහොත් මෙම වටිනාකම ඉහළ යනවා මෙන්ම අපේක්ෂිත අනාගත වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් මෙම වටිනාකම අඩු වෙනවා. ඒ අනුව, හුවමාරුව සිදු වන විට පැවති තත්ත්වයන් ඉදිරියේදී වෙනස් විය හැකියි. එවැනි වෙනස්වීමක් හොඳ අතට හෝ නරක අතට සිදු විය හැකියි. මෙවැනි වෙනසක් ඉදිරි සතියේදී හෝ සති කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත වුවද සිදු විය හැකියි.
  • මෙම ණය ප්‍රතිව්‍යුගතකරණයේ සාධාරණත්වය පිළිබඳව අප විසින් කිසිදු අවස්ථාවක මතයක් පළ කර නැහැ. මෙම ප්‍රශ්නය අපගෙන් අසනු ලැබූ වාර ගණනාවකදීම අප විසින් පැහැදිලි ලෙස මේ පිළිබඳ අපගේ අදහස ඉදිරිපත් කර තිබෙනවා. සාධාරණත්වය යන්නට ලාබ පාඩු වලට මෙන් බොහෝ දෙනෙකුට පහසුවෙන් එකඟ විය හැකි නිශ්චිත තාක්ෂණික අර්ථකථනයක් දිය නොහැකියි. එය යමෙකු පැවතිය යුතු තත්ත්වය දකින ආකාරය අනුව වෙනස් වන සාපේක්ෂ දෙයක්. මේ හේතුව නිසාම සාධාරණත්වය පිළිබඳ විසංවාදයක් ඇති විටෙක තීරකයා වන්නේ අධිකරණයයි. ණය ප්‍රතිව්‍යුගතකරණයේදී රජයට හා මහ බැංකුවට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ මෙය කරන්නට යන ආකාරය අසාධාරණ බවයි. කෙසේ වුවත්, පාර්ශ්ව දෙකක් මැදිහත් වී අධිකරණය හරහා රජය හා මහ බැංකුව මෙම චෝදනාවෙන් නිදහස් කළා. එහිදී මෙය අසාධාරණ වන්නේ ඇයි කියන එක සම්බන්ධව මෙම පාර්ශ්ව දෙක විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව වෙනත් පාර්ශ්ව විසින් එය එසේ නොවන බව පෙන්වා දුන්නා. මුල් පෙත්සම්කරුවන් විසින් එම පාර්ශ්ව වල තර්ක ප්‍රතික්ෂේප කරමින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේ නැහැ. ඒ අනුව, අධිකරණය පෙත්සම්කරුවන්ගේ මුල් තර්ක ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබා දුන්නා. එයින් රජයට මෙම ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම වඩා පහසු වුනා. අප දැනට වුවද මේ කාරණයේදී පැත්තක් ගන්නේ නැහැ.

ඉහත කරුණු වලට අමතරව මේ ගැන කතා කරද්දී විවිධ අය සේවක අර්ථසාධක අරමුදල හා අදාළව විවිධ විවේචන සිදු කළා. එම විවේචන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සෘජුව අදාළ දේවල් නෙමෙයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ප්‍රශ්න ලෙස අරමුදල ආරම්භ කළ අවස්ථාවේ සිටම පැවති ප්‍රශ්න. එයින් ප්‍රධානම ප්‍රශ්නය සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ තිබීම නිසා ඇතිවන මෙම බැඳියා පිළිගැටුමයි. යම් හෙයකින් මෙහිදී මහ බැංකුව විසින් කළ දෙය අසාධාරණ සේ සැලකිය හැකිනම්, ඒ අසාධාරණය සිදු වුණේ සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ පැවති නිසයි. එමෙන්ම, අරමුදලේ ප්‍රතිලාභ වෙළඳපොළ ප්‍රතිලාභ වලට වඩා අඩුනම් එයට එක් හේතුවක් වන්නේද බැඳියා පිළිගැටුමයි. සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුව යටතේ පවතින තාක් කල් සිදු වීමට ඉඩක් තිබෙන අසාධාරණකම් හෝ පාඩු ගැන කතා කිරීම හෝද හෝදා මඩේ දැමීමක් පමණයි. අවශ්‍ය වන්නේ මෙම අරමුදල මහ බැංකුවෙන් ඉවත් කර වෙනම ස්වාධීන ආයතනික ව්‍යුහයක් යටතට ගැනීමයි. එය කවර ආකාරයේ එකක් විය යුතුද යන්න ගැන පසුව වෙනත් ලිපියකින් කතා කරමු.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan