*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/24

  1. 2023 සැප්තැම්බර් 21 වන දින මුද්‍රණයකළ මුදල් ප්‍රමාණය රු. බිලියන 334 තරම් අතිවිශාල මුදලක් බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි: 2023 සැප්තැම්බර් 22 වන විට මහ බැංකුව සතු සමස්ත රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර පෙර නොවූ විරූ පරිදි රු. බිලියන 2,839 තරම් අතිවිශාල මුදලක් ගනු ලබයි: මෙම පදනම මත, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යටතේ, ඔහු ධුරය භාරගත් දිනයේ පටන් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාත තෙුගණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබිය දී පවා මුද්‍රණය කර ඇති සමස්ත මුදල රු. බිලියන 1,171 කි.
  2. වාහන හැර අනෙකුත් ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති සීමාවන් 2023 ඔක්තෝබර් වන විට ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි: මෙමඟින් මුදල් ස්ථායීකරණය පහසු කරනු ඇති බව ද පවසයි.
  3. “දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන” යටතේ මහ බැංකුව විසින් රජයට ලබා දී ඇති හිඟ බැර සහ අත්තිකාරම්, නිශ්චිත කල්පිරීමත් සමඟ සාකච්ඡා කළ හැකි ණය උපාංග (Negotiable Debt Instruments) බවට පරිවර්තනය කර ඇති බව මහ බැංකුව නිවේදනය කරයි.
  4. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දියාවේ ප්‍රධාන සාකච්ඡාකරුවහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පවත්වති.
  5. මැලේසියාවේ සෙන්තුල් හි සාප්පු-අනුබද්ධ-නිවසකදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමකට සම්බන්ධ යැයි සැකකෙරෙන කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සඳහා මැලේසියානු පොලීසිය මෙහෙයුම් දියත් කරයි: මරණයට පත් තිදෙනා, ඔවුන්ගේ අත් පා ගැට ගසා, හිස් ප්ලාස්ටික් බෑගවලින් වසා තිබියදී හමුවී ඇත.
  6. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති හමුවක දී විදේශ අමාත්‍ය අලි සබ්රි සිය පුත් හිලාල් අලි සබ්රි ද සමඟ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ දැඩි විවේචන එල්ල වෙමින් පවතී: දේශපාලනඥයන්ගේ ඥාතීන්ට මෙවන් වරප්‍රසාද ලබා දෙමින්, ඔවුනට විදෙස් ගමන් සඳහා පහසුකම් සපයා දීමට නායකයන් කටයුතු කිරීම පිළිබඳව ක්‍රියාකාරීහු ප්‍රශ්න කර සිටිති.
  7. එක්සත් ජාතීන්ගේ හමුවලට තම පුතු සම්බන්ධ වීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට විදේශ අමාත්‍ය අලි සබ්රි ප්‍රතිචාර දක්වයි: තමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමේ දී බොහෝ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්විය යුතු කාලසටහනක් පවත්වා ගන්නා අතර, තම පුත්‍රයා යම් කාලයක් සඳහා තාවකාලික හා ස්වේච්ඡා පදනමක් මත පර්යේෂණ සහකාරවරයකු සහ කෙටුම්පත් ලේඛකයෙකු ලෙස කැඳවා ගත් බව පවසයි.
  8. වසර 2 කට ඉහත මුදල් හුවමාරු ගිවිසුමක් (currency exchange agreement) මත ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් ලබාගත් ඇ.ඩො. මිලියන 200 ක ණය මුදල සම්පූර්ණයෙන් ආපසු ගෙවීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බව බංග්ලාදේශ බැංකුව තහවුරු කරයි.
  9. ආන්දෝලනාත්මක ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සහ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත වහා ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි: එම නීති ජනතාවගේ ස්වාධීනතාව සහ නිදහසට බරපතල ලෙස බලපානු ඇති බව ද පෙන්වා දෙයි.
  10. බිත්තර සහ කුකුල් මස් අපනයනය කිරීමේ අවස්ථා සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සිය නිලධාරීන්ට උපදෙස් දෙයි: 2024 අගෝස්තු වන විට බිත්තර අතිරික්තයක් ඇති කිරීමට අපේක්ෂා කරන අතර, ගෝලීය වෙළඳපොලේ ඇති අවස්ථා සොයා බැලීමට දැනටමත් සැලසුම් සකස් කර ඇති බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan