වීසා ප්‍රශ්නයට ඔක්තෝම්බර් මැද වෙද්දී විසඳුම්.වැරදි ක්‍රම දැන් වෙනස් කරගන්න – ඇමතිගෙන් පොලීසියටත් උපදෙස්!

Date:

කොළඹ LNW: මේ වන විට බරපතල ප්‍රශ්නයක්ව පවතින වීසා නිකුත් කිරීමේ ප්‍රශ්නයට එළඹෙන ඔක්තෝම්බර් 15-20 වන විට විසඳුම් දෙන බව විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

ඒ, අද (25) ඔහු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

”රටේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන පාස් පොර්ට් ප්‍රශ්නය ඉක්මණින් විසදන්න උපරිම උත්සහ කරනවා. දැනටමත් ඒ ගැන අධ්‍යක්ෂතුමත් එක්ක සාකච්ජා කරලා තියෙනවා. එතුමාගේ පැත්තෙන් කරපු සාකච්ජා අනුව එතුමා සහතිකයක් දීලා තියෙනවා ඔක්තෝමබර් මාසේ 15, 20 දින අතර දිනයක් වෙද්දී දැනට තියෙන මේ පාස් පෝට් පෝළිම අවසන් කරන්න,අලුත් පස් පොර්ට් හදුන්වා දෙන්න පුළුවන් කියල. අපි බලාපොරොත්තු වෙනවා ඒ කාලය තුළ කෙසේ හෝ එය ඉටුකරන්න. ඒ අතර පවතින පෝලිම් නැති කරන්න අවශ්‍ය විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න කියල අපි එතුමාට කියල තියෙනවා. එතුමාගේ පැත්තෙන් යම් උත්සහයක් ගනිමින් තියෙනවා. ඒ අනුව මේ කෙටි කාලය තුළ විකල්ප ක්‍රමවේද දක්වා යන්න උත්සහයක් දරනවා.”

මේ අතර දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව පොලීසියට ක්‍රියා කිරීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබෙන අතර මෙතෙක් යම් කිසි හෝ වැරදි ක්‍රමයක් පැවතුණේ නම් එම වැරදි ක්‍රම වෙනස් කර ගනිමු යනුවෙන්ද විජිත හේරත් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ එම මැති ඇමතිවරු පොලිස් නිලධාරීන්ට කතා කර බලපෑම් කිරීමේ ක්‍රමයක් නොමැති බවත් එම පැරණි සංස්කෘතිය වෙනස කිරීමේ සහතිකයක් තමන් දෙන බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...