රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25 කොළඹ LNW :
“Waters Edge ආයතනය ඉතිහාසයේ ඉහළම මාසික ආදායම 2025 වසරේ අගෝස්තු මස සනිටුහන් කරයි.”
රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කර හැකි බව අපි පෙන්නුවා – Waters Edge සභාපති
2004 වර්ෂයේ බත්රමුල්ලෙහි ආරම්භ කරන ලද Waters Edge ආයතනය පුරා අවුරුදු 21 කාල සීමාවක් තුළදී ලැබූ ආදායම් වාර්තාවන්ට සාපේක්ෂව ඉහළම ආදායම 2025 අගෝස්තු මස සනිටුහන් කරයි.
ශ්‍රී ලාංකීය පෞද්ගලික ව්‍යාපාර ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකු වූ චතුර ක්‍රිෂාන්ත පෙරේරා Waters Edge හි වත්මන් සභාපතිත්වය දරන අතර ඒ මහතා ඊයේ (24) water sage හි පැවති මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් පවසා සිටියේය.
2024 වසරේ දෙසැම්බර් මාසයේදී තමා විසින් Waters Edge හි සභාපති ධූරය භාරගත් මොහොතේ සිට ආයතනයේ ප්‍රගතිය උදෙසා හෝටල් කළමනාකාරිත්වය සමග එක්ව එකම අරමුණින් නායකත්වය ලබා දීම, නව ව්‍යාපාර ව්‍යූහයන් හදුන්වා දීම, පසු ගිය වසර වල ආයතනය තුල පැවති අක්‍රමිකතා සහා වංචා සියල්ල හදුනාගෙන එයට නිසි පිළියම් යොදා ඇති අතර, එමෙන්ම හෝටලයේ ප්‍රධාන තනතුරු සඳහා ක්ෂේත්‍රයේ දක්ෂ පළපුරුදු පුද්ගලයන් බඳවා ගැනීම, ඔවුන්ගේ අත්දැකීම්, දක්ෂතා, නායකත්වය සමඟ කළමනා කරණ මූලෝපායන් ක්‍රියාත්මක කිරීම තුළින් සේවාවේ ගුණාත්මක භාවය උසස් කිරීම තුළින් ආයතනය විශාල ප්‍රගතියක් ලැබූ බවද, ආයතනයේ සියළුම කාර්ය මණ්ඩලයේ කැපවීම, උත්සාහය, මහන්සිය සහ ආයතනය පිළිබඳව විශ්වාසය තබා සිටින ගනුදෙනු කරුවන්ගේ සහයෝගයන් මතද, 2025 වසරේ තුල Waters Edge ආයතනය මේ සා ප්‍රගතියක් කරා ගෙන යාමට හැකි වූ බවයි.
තවද, මෙි අවස්තාව සදහා රිචඩ් ආතර් මහතා අධ්‍යක්ෂක එෆ් ඇන්ඩ් බී – වෝටර්ස් එජ් ,අයන්ත අබේසිංහ මහතා , වැඩබලන අධ්‍යක්ෂ/සාමාන්‍ය කළමනාකරැ, තුසිත රණතුංග මහතා, අලෙවිකරණ සහ අලෙවිකරණ අංශ ප්‍රධානි යන අය සම්බන්ද වූ බවද සඳහන් වේ.
